අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කායික රෝග දිනයට සමගාමීව පොදුජන වෙබ් පිටුව ජනගත කෙරෙයි

    මාර්තු 13, 2024

    ශ්‍රී ලංකා කායික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂ වැඩසටහනක් ලෙස අදට එනම් මාර්තු 13 වනදාට යෙදෙන කායික රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරීමට වඩා විශ්වාසදායී වෙබ් පිටුවක් ලෙස පොදුජන වෙබ් පිටුව ජනගත කිරීම අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.

    මෙම වෙබ් පිටුව මගින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජනතාවට සියලුම සෞඛ්‍යමය ගැටලු වලට පිළිතුරු සෙවීමේ හැකියාවක් ඇත. එනම් සියලුම සෞඛ්‍ය තොරතුරු, රෝග පිළිබද තොරතුරු, ඒවා වළක්වාගන්නා ආකාරය සහ සුවදායී ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබදව දැනුම්වත් විය හැක.

    ලංකාව පුරා විහිදී සිටින කායික රෝග විශේෂඥ වෛද්‍යවරු 600කින් පමණ සැදුම්ලත් ලාභ නොලබන විද්‍යාර්ථයින්ගේ එකමුතුවක් ලෙස සැලකෙන කායික වෛද්‍ය විද්‍යායතනයෙන් දැයට සිදුවිය යුතු සත්කාරයක් වශයෙන් මෙම වෙබ් පිටුව හදුන්වාදීම සිදුකෙරෙන අතර ජනතාව අතර නිවැරදි වූත් විද්‍යාත්මක වූත් වෛද්‍ය කරුණු සැකවින් සරල බසින් ජනතාව වෙත ගෙනඒම මෙහි අරමුණයි.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැකුවූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙම වෙබ් පිටුව මගින් මෙරට ජනතාව දැනුවත් කිරීම සදහා විශාල කර්තව්‍යයක් සිදුවන බවත් එම කර්තව්‍ය සදහා කැපවූ සෑම වෛද්‍යවරයෙකුටම සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සෑම කෙනෙකුටම සිය ස්තුතිය පිරිනමන බවයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙම විශේෂ අවස්ථාව සදහා එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya