අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

    මාර්තු 13, 2024

    උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ  (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබීය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාතේ අමාත්‍යාංශ රැසක ලේකම් ධූරය මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හොබවා ඇති අතර, ඒ මහතා උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්වීම් ලබන අවස්ථාව වන විට ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

    නව පත්වීම ලැබීමට පෙර දීපිකා කේ. ගුණරත්න මහත්මිය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya