අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරීන් 2,000ක් බඳවා ගැනේ විභාගයෙන් සමත් වූ 4000කට සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ

    මාර්තු 13, 2024

    ග්‍රාම නිලධාරි බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති සියලු අයදුම්කරුවන්හට සම්මුඛ පරීක්ෂණ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද (13), හෙට (14) සහ අනිද්දා (15) දිනයන්හිදී පැවැත් වේ.

    ඒ සඳහා කැඳවීම් ලිපි මේ වන විටත් යොමු කර ඇති අතර අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ යම් අයකුට මේ වන තෙක් අදාළ කැඳවීම් ලිපිය ලැබී නැති නම් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දින හා වේලාව පිළිබඳ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ www.moha.gov.lk පළ කර ඇති ලේඛනය මඟින් දැන ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවැසීය. මීට අමතරව එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳ එම වෙබ් අඩවිය මඟින් තොරතුරු ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය. සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් 4232ක් අතුරින් ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2002ක් තෝරා ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya