අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් වන ක්‍රියාවන්ට රජය ඉඩදෙන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 12, 2024

    රටෙහි සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් වන ක්‍රියාවකට රජයකට ඉඩදීමට අසීරු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අමාරුවෙන් පීල්ලට දාගෙන ඇති ආර්ථිකය යළි පීලි පැන්නවීම සදහාත් දැනට ඉතාම ුෂ්කර ගමනක සීරුවෙන් ගමන් කරන තත්ත්වය කඩාකප්පල් කිරීම සදහාත් විවිධ බලවේග විවිධ ආකාරයට රාජ්‍ය ආයතන තුළ හැසිරිය හැකි බව අමාත්‍යවරයා පැවසුවේය.

    එය ඉතිහාසය පුරාම සිදුවී ඇතැයිද, ඕනෑම ප්‍රශ්නයක් ඇතිනම් සාකච්ඡාව, සම්මුතිය හා සම්මන්ත්‍රණය මගින් සාධාරණව විසදාගත හැකි බවද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා වැඩවර්ජන වලින් වඩාම පීඩිවට පත්වන්නේ සාමාන්‍ය පොදු ජනතාව බවද පෙන්වා දුන්නේය.

    එමනිසා එලෙස පීඩාවකට පත් නොකර කතාබහ කරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා එසේ නොකර දේශපාලන අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ පිළිබද ආයතන මට්ටමෙන් මෙන්ම අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ පිළිබද විභාග කර බලන බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya