අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මස 15 දක්වා අත්හිටුවීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    මාර්තු 12, 2024

    පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මස 15 දක්වා  අත්හිටුවීමට අදාළ යෝජනාවට කැබිනට් මණඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක  ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය. අද(12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින  ක්ෂේත්‍රය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පරාටේ නීතිය යනු බැංකු ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා පැවතිය යුතු නීතියක් බවත් මෙම දුෂ්කර අවස්ථාවේදී කෙටි කාළීනව පරාටේ නීතිය අත් හිටුවීමට රජය තීරණය කර ඇතැයිද හෙතෙම පැවසීය.

    ඒ අනුව ණය ගැනුම්කරුවන් විසින් නෙගෙවා  පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රස්ද්ධ වෙන්දේසියේ විකිණීමට අදාළ බැංකු විසින් ගනු ලබන ක්‍රියා මාර්ග 2024.12.15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ සඳහා විධිවධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනී‍මේ (විශේෂ විධාවිධාන ) පනත සංශෝධණය කිරීමටත් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා  පැවසුවේ,

    මෙම දුෂ්කර අවස්ථාවේදී කෙටි කාළීනව පරාටේ නීතිය අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. ඉක්මනින් මෙම පනත සම්මත කර ගත යුතුයි. විශේෂයෙන් පසුගිය කාලයේ ඇති වූ ආරථික අර්බුදයෙ හේතුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සිදු වූ පීඩනය අවම කිරීම සඳහා තමයි මෙම තීරණය අරන් තිබෙන්නේ. නැතිව මහා පරිමාණ අයට වාසියක් ලබා දීමේ අරමුණින් නොවේ. දිගින් දිගටම සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් මේ සඳහා මැදිහත් වන්නැයි දිගින් දිගටම ඉල්ලීම් සිදු කළා. මෙහිදී දෙපැත්තක් බැලිය යුතුයි. තැන්පත් කරුවන්ගේ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් බැංකු ක්‍රමය කඩා වැටී තැන්පත් කරුවන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා. ණය ආපසු ගෙවීමට අපහසු අයටත් යම් සහණයක් සැළසිය යුතුයි. මේ දෙක අතර තුළිතයක් ඇති කර තමයි මෙම තීරණය අරන් තිබෙන්නේ.

     බැංකු ක්‍රමය සතුව මහජනයාගේ තැන්පතු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ණය ලබා දීම සිදු වන්නේ එම තැන්පතු පදනම් කරගනිමින්.ණය ආපසු අය කර ගැනීමට බැරි වුණොත් තැන්පතු කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි වෙනවා.  එම තත්වයට බැංකු කඩාවැටුණොත් බහුතරයකට විශාල අසාධාරණයක් සිදු වෙනවා.  එම නිසා බැංකු පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා  අවශ්‍ය  අණපනත් සම්මත වී තිබෙනවා. ඒ යටතේ පරාටේ නීතිය තිබෙනවා.  ආර්ථික දුෂ්කරතාවය නිසා දෙසැම්බර් 31 වනදා වන තුරු මෙම සහණය ලබා දී තිබෙනවා . පරාටේ නීතිය ඉවත් වීමක් සිදු වන්නේ නැහැ.  එය ක්‍රියාත්ම ක වීම තාවකාළිකව අත්හිටුවීමක් තමයි සිදු වන්නේ එයත් කැබිනට් මණ්ඩලයට තීරණය කරන්න බැහැ. මුලින්ම පනත සංශෝධනය කළ යුතුයි. එම නිසා තමයි පනතට සංශෝධනයක් එක් කිරීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya