අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමි වේ

    මාර්තු 12, 2024

    අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු 03ක් ඇතුළත ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව,  ඒකී වැඩසටහනේ මූලික අදියර වශයෙන් දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි තෝරා් ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභී පවුල් 16,000ක් ඉලක්ක කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍ය ආදාර සහ දේශීය අරමුදල් මගින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, ඒකී නියමු ව්‍යාපෘතියේහි ප්‍රතිඵල මත පදනම්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් ප්‍රතිලාභ පුවල් සවිබල ගැනීම සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ

    ෙ2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම පිණිස 2023.04.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya