නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවා සඳහා පස් අවුරුදු සංවර්ධන සැලැස්මක්

    මාර්තු 12, 2024

    උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව  විශේෂ ඉදිරි  පස් අවුරුදු  සංවර්ධන සැළැස්මකට අනූව සංවර්ධනය කිරීම පිළිබද කතිකා කරන විශේෂ හමුවක් ඊයේ දින (11) පස්වරුවේ කිළිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

    උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූ අතර උතුරු පළාතේ කිළිනොච්චිය, මුළතිව්, යාපනය, මන්නාරම,වව්නියාව යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් රැසක් මීට සහභාගි විය.

    මෙහිදී , දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, දිසා රෝහල් වල පවතින කාර්ය මණ්ඩල හිගතාවය පිළිබදව විශේෂ අවධානයක් යොමු කල අතර දැනට පුහුණු වීම් ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් යම් ප්‍රමාණයක් ලබා දීමටත් , ‍ රෝහල් වල කාර්ය මණ්ඩල අනුමත ප්‍රමාණය වර්ථමානය වනවිට ප්‍රමාණවත් නොවන බව රෝහල් බලධාරීන් විසින් පෙන්වා දුන් අතර එයට විසදුමක් ලෙස අවශ්‍යය කාර්ය මණ්ඩල ප්‍රමාණය පිළිබදව කළමණාකරණ දෙපාර්තමේන්තුව දැනුවත් කොට අවශ්‍යය අනුමැතිය ගැනීමට තීරණය විය.

    බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව මෙහිදී හෙලිවුනු අතර ඒ සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් , ප්‍රතිකාර වැඩසටහන් ප්‍රමාණය වැඩි කිරීමටද, විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමටද  අවධානය යොමුවිය.

    පළාත තුළ ස්ථාපිත සමහර රෝහල් වලට අවශ්‍යය සමහර වෛද්‍ය උපකරණ වල යම් අඩුවක් තිබෙන බව රෝහල් පාළන අධිකාරිය විසින් පෙන්වා දුන අතර  එම වෛද්‍ය උපකරණ ගැනීමට අවශ්‍යය මුදල් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත කඩිනමි ලබා දීමට පියවර ගන්නා   බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  මෙහිදී සදහන් කලේය.

    පලාත තුළ ස්ථාපිත කර ඇති විශේෂ රෝහල් සංවර්ධනය කිරීමටද මෙහිදී තීරණය වුනු අතර වකුගඩු රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුකරණ ඒකක අලුතින් ස්ථාපිත කිරීමටද සාකච්ඡා ව්ය.

    උතුරු පළාතේ රෝහල් වලට අවශ්‍යය ඖෂධ හිගයකින් තොරව පවතීද, රෝහල් වලට  ඖෂධ ලැබීමේ ක්‍රමවේදය පිළිබදවත්, සෞඛ්‍ය ලේකම්වරයා විසින් කරුණු විමසූ අතර ඖෂධ සැපයීමේ ප්‍රගතියක් පවතින බව මෙහිදී වාර්ථා වූ අතර  ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි ඖෂධ ගබඩා ස්ථාපිත කිරීමට අවශ්‍යය පියවර ගැනීමට උපදෙස් දුන්නේය.

    මෙහිදී සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව විමධ්‍යගත සේවාවක් වුවත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගියා එම රෝහල පළාත් සභාද, මධ්‍යම රජයේද කියා දැනුවත් භාවයක් නොමැති හෙයින්  පළාත් සභාව හා  මධ්‍යම රජය අතර මනා සභදතාවයකින් රෝගියාට අවශ්‍යය සේවාව ලබා දිය යුතු බවත්, එය සෞඛ්‍ය සේවාවේ සිටින අප සැමගේ පරම යුතුකමක් බව ය.

    ලෝක බැංකු ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය තුළින් මේ පළාතේ ඉදිරි වසර පහ තුළ සිදු කෙරෙන සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට අවශ්‍ය ප්‍රතිපාදන  ලබා දීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  පැවසීය.

    මෙම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මුළතිවි දිස්ත්‍රික් මහ රෝහලේ සහ මුළතිවි දිස්ත්‍රික්කයේ සම්පත්නුවර ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණයකටද එක්වුනු අතර   සම්පත්නුවර ප්‍රාදේශීය රෝහල තුළ වකුගඩු රෝගීන් සදහා රුධිර කාන්දු කරන ඒකකයක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් උපදෙස් ලබා දුන්නේය. ඒ සදහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද කඩිනමින් අනුයුක්ත කිරීමට ක්‍රියා කරන මෙන්  නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

    උතුරු පළාතේ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්‍රික් මහ රෝහල් හතරක්, මූලික රෝහල් දහයක්, දිසා රෝහල් පනස් හතරක්, ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක හතලිස් නවයක් ස්ථාපිත කර ඇති අතර  පළාත තුළ වෙසෙන 1,254,302   ජනතාවකට මෙම ආයතන වලින් සුව සත්කාර සෙවා සපයයි.

    මෙම සාකච්ඡාමය අවස්ථාවට හා  නිරීක්ෂණ චාරිකාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්ණ, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමුර්ති, යන මහත්වරුන්ද , වෛද්‍ය අධිකාරිවරුන්,ප්‍රධාන වෛද්‍ය නිළධාරීන් ,විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya