මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසරයෙන් අවුරුදු දහයකට වඩා වැඩි පදිංචිකරුවන්ට එම ඉඩම් බද්දට ලබාදීමට කැබිනට් අනුමැතිය

    මාර්තු 10, 2024

    අනවසරයෙන් අවුරුදු දහයකට වඩා වැඩි පදිංචිකරුවන්ට එම ඉඩම් බද්දට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් නාවලපිටියේ සහකාර වාණිජ අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    රඹුක්කන සිට මාතලේ දක්වා හා බදුල්ල දක්වා ඇති දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම්වල සියලුම වාණිජ කටයුතු සිදු කිරීම ඉදිරියේදී මෙම කාර්යාලය මගින් සිදු කෙරේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ,

    අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන තීරණාත්මක දවසක තමයි අපි ඉන්නේ. බ්‍රිතාන්‍යයා යටත් විජිත යුගයේ පටන් ගත්ත දුම්රිය සේවාව මේ හරහා ගිහිල්ලා අප්‍රේල් මාසයේ පස්වෙනිදට බදුල්ලට දුම්රිය ධාවනය කරලා අවුරදු 100ක් වෙනවා. බදුල්ල දුම්රිය ස්ථානයට මේ හරහා දුම්රියක් ගිහිල්ලා තියෙන්නේ මීට අවුරුදු සීයකට පෙර. එදා මෙදා මුළු කාලය තුළම දුම්රිය දෙපාර්තමේන්තුව තමයි මේ රටේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් අයිති දෙපාර්තුමේන්තුව.
    පේදුරු තුඩුවේ ඉඳන් දෙව්න්දර තුඩුව වෙනකම් මේ වර්ග සැතපුම් 25332 ඇතුලේ දුම්රිය රක්ෂිත ලෙස තමයි විශාල ඉඩම් ප්‍රමාණයක් දුම්රිය ආඥාපනතෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු වෙලා තියෙන්නේ. බ්‍රිතාන්‍යයන් විසින්ම මේ ආඥාපනත හදලා තියෙන්නේ ඉතාමත් ශක්තිමත් විදියට මේ තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට බදු දෙන්න පුළුවන් වසර පහකට පමණයි. අන්සතු කරන්න, විකුණන්න, බදු දෙන්න, කුලියට දෙන්නෙ මේ ඔක්කොටම බල අධිකාරිය තියෙන සාමාන්‍යධිකාරිවරයාට බලය තියෙන්නෙත් වසර පහකට බදු දෙන්න පමණයි. කිසිවෙකුටත් දුම්රිය රක්ෂිතයට ඇතුල් වෙන්න බෑ. පාරේ ගමන් කරන්න බැහැ. එයට වෙනම නීතියක් තියෙනවා පාරේ ගමන් කරන සියලු දෙනාට දඬුවම් දෙනවා කියලා. එසේ තියෙද්දිත් දුම්රිය රක්ෂිතය අල්ලාගෙන ගොවිතැන් කරනවා, ගෙවල් හදනවා, ව්‍යාපාර කරනවා සතයක්වත් දුම්රිය දෙපාර්තුමේන්තුවට බදු ගෙවන්නේ නැහැ. මේකට එක හේතුවක් තමයි මුළු ලංකාවේම ඉඩම්වල ලිපිගොනු තියෙන්නේ පිටකොටුවේ එකම මනුස්සයෝ කට්ටියකට පුළුවන්ද මුළු ලංකාවෙම තියෙන ඉඩම් ටික බලන්න. ඒ අයට මේ ඔක්කොම ඇස්වලින් බලන්න පුළුවන්ද, වෙන තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිතා කරලත් නැහැ. ඒ නිසා විශාල අලාභ මත දුවන දුම්රියේ ආදායම් ලබාගත හැකිව තියෙන ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය අකාර්යක්ෂම ජනතාවට වධයක් වෙච්ච එකක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මම දුම්රිය දෙපාර්තුමේන්තුව පිළිබඳ වගකීම භාර ගන්නා අවස්ථාව වන විට දුම්රිය දෙපාර්තුමේන්තුවේ ආදායම බිලියන 2.6 යි. එයින් 2.3 ක් අතිකාල දීමනා, වැටුප් ගෙවන්න ඕන තව බිලියන 7ක්, බිලියන දහයකට වැඩිය අවුරුද්දකට අලාභයි. අපි වෙනස්කම් රාශියක් සිද්ධ කරලා මේ වන විට බිලියන 2.6 ආදායම බිලියන 13 දක්වා වැඩිකරලා තියෙනවා බිලියන 48ට තිබුන වියදම බිලියන 36කට අඩු කරලා තියෙනවා. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීතුමන්ලා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීතුමන්ලා, ප්‍රධාන නිලධාරින් මාෆියාවේ හිටපු දුම්රිය වෘත්තිය සමිති හැර අනෙක් සියලු වෘත්තිය සමිති සහයෝගය දීලා තියෙනවා. නමුත් එය තවදුරටත් දෙපාර්තමේන්තුවක් වශයෙන්ම එලෙසින්ම ගමන් කරන්න බැහැ. ඒ නිසා අපි තීන්දු කළා අයවැය ලේඛනයෙන් මේ දුම්රිය සතුව තියෙන ඉඩම් දේපළ වඩා ප්‍රශස්ත ආකාරයට ආයෝජනය කරන්න ශක්තිය තියෙන දේශීය හා විදේශීය ආයෝජකින්ට ලබා දෙන්නෙ. ඒ අනුව ගරු රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිතුමා මාගේ අදහස හා ඉල්ලීම අනුව අයවැය යෝජනාවක් ඉදිරිපත් කළා ස්ටේෂන් ප්ලාසා. දුම්රිය ස්ථාන පදනම් කරගෙන කුඩා නගර දුම්රිය ස්ථානවල උඩුමහල් වල සාප්පු සංකීර්ණ, නිවාස සංකීර්ණ සිනමා ශාලා, නාට්‍ය ශාලා වැනි දේ හදන්න පුළුවන් අයට අපි දීර්ඝකාලීන බද්දට දෙනවා. දුම්රිය අඟලක්වත් විකුණන්නේ නැහැ. ලෝකයේ අනෙක් රටවලුත් එහෙමයි. හැම රටකම දුම්රිය ස්ථානයට යන්න යටට බහින්න ඕන එංගලන්තය ගත්තත්, ඇමරිකාව ගත්තත්, රුසියාව ගත්තත් දුම්රිය ස්ථානය යටින් උඩින් සාප්පු සංකීර්ණ, තරු හෝටල්, ගෙවල් දොරවල්, කාර්යාල ලංකාවේ විතරක් යටින් දුම්රිය යනවා පළාතේ වෙන මොකුත් වෙන්නේ නැහැ උඩ හිස්ව තියෙනවා මේ තත්ත්වය වෙනස් කරන්න ඉතිහාසයේ පලවෙනි වතාවට අපි අයවැය යෝජනාවක් ඉදිරිපත් කලා ස්ටේෂන් ප්ලාස ඒ අනුව මේ පලාතේ සංවර්ධන කමිටුවේ සභාපති මහින්දානන්ද ඇමතිතුමා මහජන නියෝජිතයා එතුමා මේ ප්‍රදේශයේ හැම බිම් අඟලක් ගැනම දන්නවා. අපි තව සති දෙකක් යන්න ඉස්සෙල්ලා පුවත්පතේ දැන්වීමක් පළ කරාම මේ තියෙන හැම ඉඩමකටම සැලැස්මක් හදලා ඒ යෝජනා අරගෙන එන්න අපි ආණ්ඩුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළත් කමිටුවකට දාලා කැබිනට් අනුමැතිය ඇතිව විනිවිද පේන ආකාරයට ලබා දෙනවා. කාටවත් කොමිස් නැහැ වට්ටම් නැහැ. යටින් මොනවත් නෑ උඩින් පේන විදියට මේ සියලුම දුම්රිය ඉඩම් ටිකක් වඩා ඵලදායි කාර්යක්ෂමව යොදා ගැනීමේ අවුරුද්ද බවට 2024 අපි පරිවර්තනය කරනවා.
    මම කැබිනට් අනුමැතියක් අරගෙන තියෙනවා අනවසරයෙන් අවුරුදු දහයට වඩා පදිංචි වෙලා ඉන්න අයගේ ඉඩම් හා දේපලේ වටිනාකම තක්සේරු කර බදු ගිවිසුමක් අත්සන් කරලා අවුරුදු 10 වැඩි අය ඔක්කොටම ඒ ඉඩම් බද්දට ලබා දීමට. අවුරුදු දහයට අඩු සියල්ලටම නඩු දමනවා අවුරුදු දහයට අඩු අයට කරන්න තියෙන්නේ කාර්යාලයට ඇවිල්ලා වහා අභියාචනා ඉදිරිපත් කර තක්සේරු කරගන්න එක හා මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව අභියාචනයක් විභාග කිරීමට ඉඩ දෙන එක. දැන් ඉඩම් ඇල්ලුවාට වැඩක් නෑ. අවුරුදු දහයට වැඩි සියලු දෙනා මෙම කාර්යාලය පටන් ගත්තට පස්සේ කොළඹ යන්න අවශ්‍ය නැහැ කාර්යාලයේ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කළාට පසු සිංහල අවුරුද්දට පෙර ජංගම සේවාවක් පවත්වා සියලුම උසස් නිලධාරීන් හා අපේ අමාත්‍යාංශ නිලධාරින් සමඟ නවලපිටිය ප්‍රදේශයේ තියෙන දුම්රිය ඉඩම් ප්‍රශ්න වැඩි කොටසක් අවුරුද්දට පෙර විසඳීමේ කාර්ය ඉෂ්ට කරනවා. ඒ නිසා වුරුදු දහයට වඩා හිටපු අය තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර බදු මුදල් ගෙවන්න.මේ පළාත වඩා දියුණු පළාතක් කරන්න පුළුවන්.
    කන්කසන්තුරේ ප්‍රදේශයේ එකම එක සංචාරක හෝටලයයි තියෙන්නේ. අපි කිව්වා ඩයස්පෝරාවට හරි ඕන කෙනෙකුට ඇවිල්ල තරු පහේ හෝටලයක් ගහලා අපට කුලිය දෙන්න කියලා. ව්‍යාපාරයේ ආදායමෙන් කොටසක් දෙන්න දුම්රිය දෙපාර්තුමේන්තුව රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාර ඒකාබද්ධව ආරම්භ කරන්න කැමතියි. කුඩා කර්මාන්තකරුවන්ගේ, හස්ත කර්මාන්ත කරුවන්ගේ භාණ්ඩ විකුණන සියයට සීයක් රජයේ ලක්සලට අපි ඇල්ල සංචාරක කලාපයෙන් පර්චස් 15ක් දුන්නා ගිවිසුම ලක්සලේ දෛනික ආදායමෙන් 5%ක් හැමදාම ලංකා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර කිරීම. අපි ගොඩනැගිලි හදන්නේ නැහැ. මහපොළොව පමණක් බද්දට දෙනවා. මේක කාගෙවත් පුද්ගලික දේපලක් නොවෙයි මහපොළවත් එක්ක රජයේ දේපල රජයට ආදායම් ලැබෙන්නේ නැත්නම් හොඳ සේවයක් කරන්න බැහැ. දුම්රිය මැදිරි, රේල් පීලි, සිල්පර, එංජින් අලුතෙන් ගන්න බැහැ. තියෙන ටික දවසින් දවස ගරා වැටෙනවා. ඒ නිසා තවදුරටත් ණය වෙන්න බැහැ. ගත්ත ණය නොගෙවීම නිසා තවදුරටත් අපට ණය දෙන්නේ නැහැ. ඒ නිසා බොහොම අමාරුවෙන් රට මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ. ජාත්‍යන්තර මුල් අරමුදලේ තුන්වන වාරිකය ලබාදීම සඳහා නියෝජිත කණ්ඩායම පැමිණ තියෙනවා. ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා විපක්ෂයේ විවිධ කතා කියන අයට වෙන ක්‍රමයක් තියෙනවා නම් මෙම නියෝජිත පිරිසට කියන්න කියලා. අපි දන්න ක්‍රමයට බොහොම අමාරුවෙන් විදුලිය, ගෑස්, බෙහෙත්, පොහොර ඉන්ධන නැතුව තිබුන රට හුස්ම ගන්න තත්ත්වයට පත්කළා. මෙතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ ගත්ත පරණ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් ලබා ගත්තොත් පමණයි.
    ඒ ආදායම් ලබා ගැනීමේ කාර්යය කරන්න තියන එක ප්‍රධාන දෙපාර්තුමේන්තුවක් දුම්රිය දෙපාර්තුමේන්තුව ඒ සඳහා පුද්ගලික අංශයක් දායක කරගෙන ආදායම් ඉපදීමේ කාර්යය කරන්න කාර්යාලේ නිලධාරින්ට අපි ඉලක්කයක් දෙනවා. මේ ප්‍රදේශයේ සම්පූර්ණ ඉඩම් අයිතිය පිළිබඳව සැලැස්ම මාස තුනක් ඇතුළත පරිගණකගත කරගන්න ඉතිරි මාස තුන ඇතුළත නිශ්චිත බදු කුලී අයකරලා පෙන්නන්න ලබා දෙන ආදායම අනුව දිරි දීමනාවක් වුණත් ඒ අයට සකස් කරලා දෙන්න පුළුවන්. රේගු දෙපාර්තමේන්තුවේ රාජකාරියට කරන්නේ හොරෙන් රට ඇතුලට එන භාණ්ඩ ඇල්ලීමක් එය ඔවුන්ගේ රාජකාරියේ කොටසක් රාජකාරිය කළාම රිවෝඩ් එක කියලා විශාල මුදලක් රේගු දෙපාර්තුමේන්තුවට දෙනවා. රේගුවට එහෙම දෙනවනම් ඇයි දුම්රිය දෙපාර්තමේන්තුවට එහෙම කරන්න බැරි උනන්දුවෙන් සේවය කරලා රජයේ ආදායම වැඩි කරලා දෙනවා නම් මම කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා ඒ ආදායමෙන් ප්‍රතිශතයක් මේ මහන්සි වන සේවකයින්ට ලබාදීමට කටයුතු කරනවා යැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ නාවලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්දුල ඇමැතිතුමා අමාත්‍යංශයක් භාරගත්ත හැම අවස්ථාවේදීම අලුතින් දෙයක් කරන්න උත්සාහ කරනවා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් හිටපු කාලෙ පාසල් දහස වැඩසටහන යටතේ අපේ ප්‍රදේශවල පාසල් ගණනාවක් දියුණු කරලා ඉතාමත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ භාර ගත්තට පස්සේ විශේෂයෙන් මහාමාර්ග අමාත්‍යවරයා හැටියට පළවෙනි වතාවට එකම කැබිනට් ඇමතිවරයා මහා මාර්ගයට හම්බ වෙච්ච සල්ලි එක හා සමානව බෙදා දුන්නා. ඇමැතිතුමාටත් එක ගානම අරගෙන අනෙක් හැමදෙනාටම පාරවල් හදන්න එක විදිහට බෙදුවා.

    දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් අනවසරයෙන් පුද්ගලයන් භුක්ති විඳිනවා. නාවලපිටිය නගරය ගත්තොත් මේක දුම්රිය නගරයක් ඉඩම් වලින් සියට අසූවක් දුම්රිය ඉඩම්. පුද්ගලික ඉඩම් නැති තරම්. මේ නගරයේ භූමියේ ඉඩම් විවිධ පුද්ගලයන් විසින්ම විවිධ වකවානුවල අත්පත් කරගෙන අල්ලාගෙන භුක්ති විඳිනවා පදිංචි වෙනවා ඉතාම වාණිජමය ඉඩම්. සුපර් මාකට්, හෝටල්, බැංකු, මහා පරිමාණයෙන් නිවාස ඉදි කරලා. පුද්ගලයින් මෙම ඉඩම් නීතියානුකූල කර ගැනීම සඳහා බොහෝ වාරයක් කොළඹ යනවා හැබැයි ඒ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.
    අද හොඳ තීරණයක් අරගෙන තියෙනවා අද ඉඳන් කොළඹ යන්න ඕන නෑ ප්‍රදේශයේ තියෙන ලිපි ගොණු සියල්ල මෙහෙට ගෙනල්ලා මේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ටික නිරවුල් කරලා බදු අය කරලා දෙපාර්තමේන්තුවටත් ආදායමක් ලබාගෙන මිනිස්සුන්ට යම් සාධාරණයක් ඉටු කිරීමට ඔබතුමා කටයුතු කර තියෙනවා මෙය ඉතාමත් ඓතිහාසික තීන්දුවක් මහින්දානන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවටදුම්රිය සාමාන්‍යධිකාරී ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya