මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණික තත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වැඩි වීමක්

    මාර්තු 10, 2024
    රට තුළ පවත්නා වියළි කාලගුණික තත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී  ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.  
     
    දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරික්ෂණයට ලක් කරන ලද බවත් , දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම යන ප්‍රදේශයන්හී පරික්ෂිත ස්ථානවල  විශේෂයෙන් පෙර පරිදිම පළමුව තැඹිලි සහ පොල් ගස් වලත්, සුදු මැස්සාගේ හානිය නැවත පවතින බව නිරීක්ෂණය වී තිබේ.
     
    පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම වාර්තා වී ඇති බැවින් එම තත්ත්වය සම්බන්ධව පොල් වගාකරුවන් වහාම දැනුම්වත් කර සුදු මැස්සා මර්දනය සඳහා  සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දී ඇත.
     
    ඒ අනුව දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත.
     
    ඒ යටතේ දැනට ප්‍රාදේශීය කාර්යාල  සතුව පවතින කොහොඹ තෙල් පොල් සංවර්ධන නිළධාරින් හරහා වගාකරුවන් වෙත කඩිනමින් බෙදා හැරිමටත්, හානිය අධිකව පවතින ප්‍රදේශ හදුනාගෙන එම ස්ථානවල පොල්  ගස් සඳහා කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමත් මේ වනවිට සිදු කර ඇති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.  
     
    එසේම මේ පිළිබඳව පොල් වගාකිරිමේ මණ්ඩලයේ සියලුම ප්‍රාදේශිය කළමනාකරුවන්, ගොවිපල සැලසුම් නිළධාරීන්, ව්‍යාප්ති නිළධාරින් හා පොල් සංවර්ධන නිළධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.  
     
    මේ වන විට තම ප්‍රදේශය තුළ සුදු මැස්සාගේ හානිය ඇතුළුව පොල් වගාවේ යම් රෝග පළිබෝධ තත්ත්වයන් පැතිරයමින් පවතීනම්, ඒ පිළිබඳව ලුණුවිල, පොල් සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත දුරකතන අංක032-3135255 දැනුම් දීමට  කටයුතු යොදා ඇත.
     
    එසේම පොල් පර්යේෂණ ආයතනයේ ක්ෂණික දුරකතන අංක 1228 හා ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ දුරකතන අංක 1920 ඇමතීම මඟින් ද සුදු මැස්සා හානිය පිළිබඳ තොරතුරු ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya