මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Air Tattoo” ගුවන් හමුදා‌ අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය අදත්

    මාර්තු 09, 2024

    ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතගේ උපදෙස් අනුව  සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ තුන්වන දිනය වන ඊයේ(08) දින ප්‍රදර්ශනය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනරත්න (විශ්‍රාමික) විසින් නිළ වශයෙන් විවෘත කිරිම සිදු කරන ලදි.  

     

    මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය පැවති පළමු සහ දෙවන දිනයන්හිදී උතුරැ පළාතේ පාසල්  ශිෂ්‍යය ශිෂ්‍යයාවන් ඇතුලු විශාල ජනතාවක්  මෙම ප්‍රදර්ශනය නැරඔම සදහා පැමිණි අතර ගුවන් හමුදා සාමාජිකයෙකු   සාමාජිකාව ලෙස ගුවන් හමුදාව සමග එක්වීම සදහා උන්නදුවක් දක්වනු ලබන උතුරැ පළාතේ තරැණ තරැණියන් විශාල පිරිසක් මෙ වන විටත් ගුවන් හමුදා ආධුනිකයන් බදවා ගැනීමේ අංශය වෙත පැමින සම්මුඛ පරික්ෂණ සදහා ඉදිරිපත් වි ඇත

    උතුරු පළාතේ දරුවන් වෙනුවෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා විසින් ගුවන් යානා තාක්ෂණය පිළිබදව පැවැත්වෙන පළමු අධ්‍යපනික ප්‍රදර්ශනය මෙය වන අතර, අත්‍ුරැ  විශ්‍ව විද්‍යාල සිසුන් මෙන්ම පාසල් සිසුන් මෙම ප්‍රදර්ශනයේ ඉදිරිපත් කිරීම් කටයුතු සිදු කරනු ලබන අතර පාසල් නිළ ඇදුමින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමේ අවස්ථාව ද ගුවන් හමුදා විසින් සලසා දී  ඇති

        

    මෙම  අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ දි ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කරනු ලබන ගුවන් යානා සංදර්ශන පැරිෂුට් සංදර්ශන සරඔ සංදර්ශන, ගිනි නිවිමේ නිදර්ශනාත්මක සංදර්ශන, හදිසි මුදවා ගැනිම් පිළිබද නිදර්ශනාත්මක සංදර්ශන, සුනඛ සංදර්ශන ඇතුලු විශේෂාංග රැසක් ඉදිරිපත් කරනු ලබන  අතර සන්ධ්‍යාවේදී වෙළද ප්‍රදර්ශනක් ඇතුළුව සියළු දෙනාගේම විනෝදාශ්වාදය වෙනුවෙන් සංගිත ප්‍රසංග ඇතුලු ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කිරිම ද සිදු කරනු ලබයි

    මාර්තු මස  10 වන දින දක්වා උදැසන 10.00 සිට රත්‍රි 10.00 දක්වා මෙම  අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්විමට නියමිත අතර යාපනයේ විශ්වවිද්‍යාල, යාපනයේ ශාඛවන් පිහිටා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල, කොතලාවල ආර්ක්ෂක විශ්ව විද්‍යාලයේ යාපනය ශාඛාව යාපනය කාර්ම්ක හා වානිජ මණ්ඩලයට අයත් ව්‍යාපාරික ආයතන රජයේ කෘෂි කාර්මික හා තාක්ෂණික ආයතනයන් හි සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි 200 කට අධික ප්‍රමාණයක්  ප්‍රදර්ශනය සදහා  ඉදිරිපත් කර ඇත.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya