මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්

    මාර්තු 08, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට 2024/2025 සඳහා ක්‍රියාත්මක කරන “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව” ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පැවසීය.

    ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024/2025 සඳහා “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව” ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් සැපයෙන බව කිව යුතුයි.

    විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳව කුසලතාවය දැක්වූවත් පවුලේ ආදායම් ප්‍රමාණවත් නොවීම, අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව අහිමිවීමට හේතුවක් නොවිය යුතුයි. එබැවින් අප රජය රටේ ආර්ථික අර්බුදය විසඳන අතර දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ද කැපවී සිටිනවා.

    ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

    පාසලේ 13 වන වසරේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරියේ දී 12 වන වසරේ දී පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම මේ වන විට 11 වන වසරේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේ දී 10 වන වසරේ දී පැවැත්වීමට ද අප බලාපොරොත්තු වනවා.

    විශ්ව විද්‍යාල සඳහා තේරී පත්වන සිසුන්ගේ වයස් ප්‍රමාණය තවත් වසරකින් අඩු කිරීම මෙහි අරමුණයි. ඒ අනුව ඔවුන් උපාධිදාරීන් ලෙස අඩු වයසින් විශ්වවිද්‍යාලවලින් පිටවීමට ලැබීම රැකියාවක් සඳහා යොමු වීමේ දී ද වැදගත් වන බව කිව යුතුයි.

    ඒ වගේම කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” (Pre-Grade) ආරම්භ කිරීමට ද අප සූදානමින් සිටිනවා. වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමේ හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

    එමෙන්ම දිවයින පුරා දැනට කලාප අධ්‍යාපන කාර්යාල 100ක් පමණ තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමාණය 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වනවා. එය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මත්මකභාවය වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් බව සඳහන් කළ යුතුයි. පාසල් අධ්‍යාපනය සඳහා පාසල් කිහිපයක් ඒකාබද්ධ කරමින් පොකුරු අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා.

    තවද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද පත් කිරීමට නියමිතව තිබෙනවා. පවතින විදුහල්පති ශ්‍රේණි පුරප්පාඩු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya