අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විද්‍යුත් කාලසටහන් ප්‍රදර්ශන සේවාව අද විවෘත කෙරේ

    මාර්තු 07, 2024

    කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපනය කරන ලද විද්‍යුත් කාලසටහන් ප්‍රදර්ශන සේවාව ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) විවෘත කෙරිණි.


    දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල දුම්රිය ස්ථානයෙන් පිටත මගීන්ට සහ දුම්රිය ස්ථානය ඇතුළත මගීන්ට දර්ශනය වන ප්‍රධාන තිර දෙකක් සහ දුම්රිය ස්ථානය තුළ පිහිටුවා ඇති තිර 7ක්‌ මගින් දුම්රිය කාලසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මේ තුළින් සිදුකෙරේ.
    පුද්ගලික දැන්වීම් ප්‍රචාරණ ආයතනයක දායකත්වයද සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා දුම්රිය සාමාන්‍යධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන්, මීඩියා හට් ආයතනයේ ප්‍රධානී කමින්ද මලවිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya