මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවා ලබා ගැනීමෙ සඳහා නව ස්වයංක්‍රිය ඇමතුම් පද්ධතියක් හා වෙබ් අඩවියක්

    පෙබරවාරි 29, 2024

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීමේ අවසන් අදියරට පැමිණ තිබෙන බවත්, ඒ අනුව මාර්තු 04 දා සිට දිවයින පුරා තිබෙන මෝටර් රථ ප්‍රවාහන කාර්යාල වලට පැමිණෙන සියලුම සේවා ලාභීන්ට කාර්යක්ෂම සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා කලින් දිනයක් හා වෙලාවක් ලබා ගැනීමට හැකි වන පරිදි ස්වයංක්‍රිය ඇමතුම් පද්ධතියක් හා වෙබ් අඩවියක් හඳුන්වා දීමට කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) ප්‍රකාශ කළේය.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වමින් අමාත්‍යවරයා අද (29) මේ බව ප්‍රකාශ කළේය.

    මෙමඟින් සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීමත්, පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂම සේවාවක් සේවා ලාභීන්ට ලබා දීමත් යන කරුණු මෙහි අරමුණු  වන අතර පසුගිය කොවිඩ් සමයේ දී ද මෙම ක්‍රමය අනුගමනය කළ ද එය තාවකාලිකව නැවත්වීමට කටයුතු සිදු විය.  

    ලොව තොරතුරු තාක්‍ෂණය හා බද්ධව දියුණුවන කාලෙක රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ අවශ්‍යතාවය හා එමඟින් වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමට කටයුතු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් තිබේ.

    ඒ අනුව, 011-2117116 දුරකථන අංකය ඇමතීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින සේවා ලාභීන්ට වේරහැර හෝ නාරාහේන්පිට ඇති කාර්යාල වලින් සේවාව ලබා ගැනීමට දිනයක් හා වෙලාවක් ලබා ගත හැකි අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර සිටින සේවා ලාභීන් අපේක්‍ෂා කරන දිස්ත්‍රික්කයෙන් සේවාව ලබා ගැනීමට එම දිස්ත්‍රික්කයට අදාල දුරකථන කෝඩ් අංකය පළමුව යොදා 2117116 ඇමතීමෙන් (උදා: ගම්පහ සේවා ලාභියෙකු ගම්පහ දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ දිනයක් වෙන් කරවන්නේ නම් එම දුරකථන අංකය වනුයේ 033-2117116) තම වෙලාව සහ දිනය වෙන්කරවා ගත හැකි බව මෙහි දී ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා සඳහන් කළේය.

    එමෙන්ම, https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය මඟින්ද තම සේවාව ලබා ගැනීමට අවශ්‍ය දිනයක් හෝ වෙලාවක් වෙන් කරවා ගත හැකියි.

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya