මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    පෙබරවාරි 29, 2024

    අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වන අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා  ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එමෙන්ම සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    අපට අභියාචනා සහ විරෝධතා 12,27,000ක් ලැබී තිබෙනවා. ඉන් 11,97,000ක් පමණ පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර තිබෙනවා. මෙම ප්‍රමාණයට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය සැබවින්ම ලැබිය යුතු පිරිසකට නොලැබී තිබෙනවා. පළමු වටයේ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ දී එම පිරිස් ඉල්ලුම් පත්‍ර ලබා නොදීම ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය නොලැබීමට හේතුවක් වී තිබෙනවා.

    ඒ අනුව අප විසින් මාර්ගගතව සිදුකළ පුළුල් දැනුවත් කිරීමෙන් පසු දැනට අයදුම්පත් 200,000 – 250,000ත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය මාර්ගගත ක්‍රමය ඔස්සේ අපගේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ අනුව දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් පසු අවසන් වනවා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකුට අස්වැසුම ප්‍රතිලාභය ලැබීමේ කිසිදු සුදුසුකමක් නැති බව ද අවධාරණය කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya