ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ධීවර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    පෙබරවාරි 12, 2024

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ නිරීක්ෂණය සඳහා ඊයේ (11) සහභාගී විය. මෙහිදි මත්ස්‍ය වෙළද සංකිර්ණය තුළ මතුවි තිබෙන ගැටලු රාශියකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන ලෙස අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

    විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සෝලා පද්ධතියක් සවි කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර එහි පවත්නා ගැටලු රාශියක් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. මෙම සෝලා පද්ධතිය සවිකිරීමෙන් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ විදුලි බිල අවම වන අතර ඒ තුළින් වෙළද සංකීර්ණයට විශාල අදායමක් ලැබෙනු ඇති බවද අවධානයට ලක්විය. මේ සදහා මෙම සෝලා පද්ධතිය සවි කිරීමට භාරගෙන සිටින පෞද්ගලික ආයතනයේ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වු අතර ඔවුන් සමග සාකච්ඡා කොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් යනදී සියල්ල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදි.

    මෙහිදි විශේෂයෙන් මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික කටයුවල යෙදෙන ව්‍යාපාරකයින්ගේ අවශ්‍යතා රැසක් ද අමාත්‍යවරයාගේ අවධානයට ලක්වු අතර ඒවා විසදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසුවේය.

    තවද මත්ස්‍ය වෙළද සංකීර්ණය තුළ ඇති පිරිසුදු භාවය පිළිබදව සැළකිලිමත්ව පාලක මණ්ඩලයේ නිලධාරින් විශේෂයේන් දැනුවත් ව ක්‍රියාකරන ලෙස දැන්වු අමාත්‍යවරයා මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ඉඩනොදි යහපත් සෞඛ්‍ය තත්වයකින් පැවතීමට ඉඩ සලසන ලෙසද ප්‍රකාශ කළේය.

    මෙම වෙළද සංකීර්ණය තුළ  සුනඛ ගහනය වැඩිවීම පිළිබදවද සාකච්ඡාකළ අමාත්‍යවරයා ඒ සදහා ඔවුන් ඉවත්කිරීමට සුදුසු වැඩපිලිවෙලක්  සකස් කරන ලෙසද අමාත්‍යංශ ලේකම්තුමියට උපදෙස් දෙන ලදි.

    මෙවැනි ගැටලු රාශියකට විසදුම් දීමට කටයුතු කළ අමාත්‍යවරයා නිරන්තරයෙන් මෙම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කටයුතු පිළිබදව සොයා බලන බවද, ඒ අනුව තම අධික්ෂණයට නිරන්තරයෙන් ලක්වන බවද ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය සහ තවත් නිලධාරීන් රැසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya