මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් අවසර පත්‍ර හා දිමනාලාභින්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දීමට “උරුමය වැඩසටහන” ක්‍රියාත්මක කිරීමට පියවර

    දෙසැම්බර් 12, 2023

    ඉඩම් අවසර පත්‍ර හා දිමනාලාභින්ට රජයේ ඉඩම් වල පරම අයිතිය ලබා දීමට “උරුමය වැඩසටහන” ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    ඉඩම් සංවර්ධනය ආඥා පනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තමන් භුක්ති විඳින හෝ සංවර්ධනය කරන ලද ඉඩම් සඳහා පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භුමිය මානව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට යොදවා ගැනීමේ දී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත.

    එමනිසා එම ගැටළු අවම කර ගැනීමට එවැනි ඉඩම් වල පරම යිතිය ගොවි ජනතාවට ලබා දීම පිණිස පවතින නීතිමය රාමුව තුළ අවශ්‍ය පියවර ගැනීමට හා 2024 වසරේ ආරම්භයේ දී එකී වැඩපිළිවෙල ආරම්භ කර වසර කිහිපයක් තුළ සම්පුර්ණයෙන්ම නිම කිරීමට හැකි වන පරිදි “උරුමය වැඩසටහන” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට 2024 අයවැය කතාවේ දී ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    ඒ අනුව, මෙම වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, එමඟින් පවුල් ලක්ෂ විස්සකට නේවාසික හා ගොවිබිම් වල පරම අයිතිය ලබා දීමටත් අපේක්‍ෂා කෙරේ.

    ඒ අනුව, අදාළ පියවර අනුගමනය කරමින් ඉඩම් සංවර්ධන ආඥා පනතේ 02 වගන්තිය යටතේ පරම අයිථීය සහිත ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya