නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ආර්ථිකය ස්ථාවර කර, වර්ධනයකට ගමන් කරමින් සිටිනවා- එම තත්ත්වයට විරුද්ධ වන්නේ ඇයි ?  -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  

    නොවැම්බර් 16, 2023

    දේශපාලන ස්ථාවරත්වය ඇතිකර, ආර්ථිකය ස්ථාවර කර, වර්ධනය කරා ගමන් කරමින් සිටියදී, ඊට එරෙහි වන්නේ ඇයිදැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය.

    ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අය-වැය විවාදයට 16 දින එක්වෙමිනි.

    රාජ්‍ය සේවය ආරක්ෂා කිරීමට වැටුප වැඩිකර ඇති බව පැවසූ ඔහු, සමාජ ආරක්ෂක දැළ සුරක්ෂිත කිරීමට තුන් ආකාරයක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද කියා සිටියේය. අමාරුවෙන් ජිවත් වන ජනතාවට නිශ්චිත සහයෝගයන් ලබාදී තිබියදී අය-වැය ලේඛනයෙන් කිසිවක් නොලැබුණා සේ අදහස් පළ කරන්නේ ඇයිද යන්න ඔහු විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

    පාසල් හැරයන සියලු දෙනා තාක්ෂණික හා කාර්මික දැනුමින් සහ පුහුණුවෙන් යුත් පරම්පරාවක් බවට පත් කිරීමට 2024 දී රටපුරා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බවද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ආයෝජනයේ ඉබි ගමන නතර කළ යුතු බව පැවසූ ඔහු, ඊට අදාළ ආයතන තුනම එකක් බවට පත්කිරීමේ අයෙවැය යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සැම ආසනයකම නව ව්‍යාපාර ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් 2024 වසරේදී ආරම්භ කරන බවද ප්‍රකාශ කළේය. අය-වැයේ අන්තර්ගත මෙම යෝජනාවලට සහයෝගය දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටි ඔහු සැකය මත තීරණ ගන්න කාලය අවසන් කරන්නැයිද ඉල්ලා සිටියේය.

    ආර්ථිකයේ නව දොරටු විවෘත නොකර ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව කී අග්‍රාමාත්‍යවරයා, උඩරට ජනතාවගෙන් සුදු අධිරාජ්‍යවාදීන් උදුරාගත් ඉඩම් නැවත ලබාදීම සම්බන්ධයෙන්ද අය-වැයේ යෝජනා ඇතුළත් බව සිහිපත් කළේය. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණයෙන් එම ගම්මාන දියුණු කිරීමට අපේක්ෂා කරන බවත්, කිසිදු වගාවක් නොකර ඇති වතුවලට අයත් අක්කර දහස් ගණනක ඉඩම් වගාවට යොදාගැනීමට මේ අනුව හැකියාව ලැබෙන ඇති බවත් සඳහන් කළේය. කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් මේ අය-වැයෙන් හඳුන්වා දී තිබෙන බවද, නාගරිකව තට්ටු නිවාසවල ජිවත්වන්නන්ට දී ඇති සහනය, මෑත ඉතිහාසයේ නොදුන් සහනයක් බවත් ඔහු පැවසීය.

     

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    ගරු කතානායකතුමනි, මුදල් අමාත්‍යතුමා හැටියට ජනාධිපතිතුමා විසින් අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම විවාදයට සහභාගී වීමට හැකි වීම මා විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා හැටියට අගය කරනවා. ශ්‍රී ලංකාව පසුගිය කාල පරිච්ඡේදයේ මුහුණ දුන්නු අමාරු මූල්‍ය හා ආර්ථික කඩා වැටීම මේ සභාව කවුරුත් පිළිගන්නවා. ඒ වගේම රට වැසියාත් පිළිගන්නවා. ඒ නිසාම ඇතිවුුනු අර්බුදය හමුවේ අපේ ආණ්ඩු වෙනසකට භාජනය වුණා, පාර්ලිමේන්තුව සමඟ.

    ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජය භාර ගැනීමත් අපේ ආණ්ඩුව අලුතෙන් අමාත්‍යතුමාලා සමග දිවුරුම්දීමෙන් පසු ඒ අභියෝගයට මුහුණ දෙන දුෂ්කර කාල පරිච්ඡේදය අපි ගත කළා. අප වෙත නොවේ අපට වැඩිය අපේ රටේ ජනතාව. නමුත් මම ඉතාම විශ්වාසයෙන් යළිත් සදහන් කරනවා, දැන් අපි ඉන්නේ ස්ථාවරභාවය සහ වර්ධනය කියන ගමන් අවස්ථාවකට පැමිණෙන්න පුළුවන් තත්වය සකස් කරගෙන. එය මා විතරක් නෙවෙයි ජාත්‍යන්තර හා අපේ රටේ මේ ක්ෂේත්‍ර කරුණු සමීක්ෂණය කරන සෑම ආයතනයක්ම ද ප්‍රකාශ කර තිබෙනවා.

     

    We are moving from stability to growth. දේශපාලන ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා. එයට සම්බන්ධ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය සේවා අංශ රාශියක් වෙනදා වගේම කටයුතු කරන්න පුලුවන් තත්ත්වයට දේශීය හා විදේශීක හුවමාරු සිදු වෙමින් ආර්ථික වර්ධනයක් සිදු වෙනවා.

     

    මම මුලින් ම සිහිපත් කරන්න කැමතියි මේ සඳහා දේශපාලන ස්ථාවරභාවයක් ගෙන්න අපේ ආණ්ඩුවට, අපේ මන්ත්‍රීතුමන්ලාට පුළුවන්කම ලැබුණා. ඒ මත තමයි අස්ථාවර අවිනිශ්චිත සැක දුරු කරලා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාවට අපිට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඇති කරන ක්‍රියාදාමයේ;

     

    උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝභිවඞ්ඪති.

     උත්සාහවන්තභාවය තමයි රජයට තිබුණු ජනතාවට තිබුණු ලොකුම ශක්තිය තමයි පරිවර්තනය වුණේ.

     

     එලෙස තමයි ශ්‍රී ලංකාව අද මේ තත්ත්වයට විවිධ විවේචන මැද පැමිණ තිබෙන්නේ. මම මුලින්ම අප රට ගොවි ජනතාවට යළිත් වරක් ගිය වසරේත් අපි විශ්වාසය තිබ්බා ගොවි ජනතාව කෙරෙහි, මේ අර්බුදකාරී කාලයේත් විශ්වාසය තිබ්බා, ආහාර අස්වැන්න ලබා දීමට පුළුවන් කමට ගොවි ජනතාවට පැමිණෙන්න පුළුවන් වුණා. ඒ සඳහා ඇති කළ සහයෝගයන් මධ්‍යයේ.

     

    එය ජාතියට විශාල රුකුලක් වුණා. ජාත්‍යන්තර සාකච්ඡාව තිබුණේ ආහාර දුර්වලවී අපි භායානක සාගින්නකට මුහුණ දෙනු ඇතැයි කියා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ අනිත් ක්ෂේත්‍ර ජනාධිපතිතුමා අය වැය ලේඛනය ඉදිරිපත් කරනකොට කිව්වා, ඒ ආකාරයෙන්ම යථා තත්ත්වයට ගේන්න හා ජාත්‍යන්තර විශ්වාසය ඇති වුණා.

    අපි ආරම්භ කරපු මූලික සාකච්ඡා වට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඊට සහයෝගය දුන්නු සියලු ආයතන IMF,ලෝක බැංකුව world bank, ADB ඒ සියලු ආයතන හා විශේෂයෙන් ඉන්දියාව, මහජන චීනය, ජපානය හා Paris club Members ඒ වාගේම වෙනත් ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි යළි හිස එසවිය හැකි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් විශ්වාසය පළ කළා. ඒ විශ්වාසය පළ කිරීම නිසා ජාත්‍යන්තරව අපි මුහුණ දෙමින් තිබුණු මූල්‍ය හා අපට අවශ්‍යව තිබුණු සහයෝගය වර්ධනය කරගන්න පුලුවන් කමට අපි පැමිණියා. ඒ නිසා ඒ කාරණාවල් පසුබිම් කරගෙන තමයි අපි අද මේ අයවැය ලේඛනයන් සාකච්ඡා වෙන්නේ.

     

    ගරු කතානායකතුමනි මහා උද්ඝෝෂණයන් හා හඬ අපි ඇහුවා විවිධ ක්ෂේත්‍රවලින්. එ් සෑම ක්ෂේත්‍රයක් එක්කම අපි ගමන් කර තිබෙන්නේ සාම්ප්‍රදායික හා බලාපොරොත්තු වෙච්ච මොඩලය නෙවෙයි. ඒක තමයි බොහෝ අයට අද වැරදිලා තියෙන්නේ. ඒවගේ මොඩලයන් තියෙනවා. අපි දැක්කා අවුරුදු දහයකට කලින් Greece and Spain and Portugal the calaps and what they went through. What are the difficulties that they went through. Government servants has to go home.

    They couldn’t pay even half the salary. That was Greece. So was Spain. So was Portugal. That was the model out of which they also came out after long difficulties and assistance from the international community and monetary institution.

    නමුත් මම පළවෙනියෙන් කියන්න කැමති අපේ රාජ්‍ය ඇමතිතුමාත් මෙතන ඉන්නවා. රාජ්‍ය පරිපාලන ඇමතිතුමා හැටියට කිසිම රාජ්‍ය සේවකයෙක් අපි රැකියාවලින් දොට්ට දැම්මේ නෑ. අයින් කළේ නෑ. මගේ මිත්‍ර හර්ෂ මැතිතුමා පිළිගනීවී, එය සම්ප්‍රදායට බලාපොරොත්තු වුන දේ නෙවෙයි, බලාපොරොත්තු වුණ දේ තමයි විශාල ප්‍රමාණයක් දහතුන් ලක්ෂයෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවයි. පඩි ගෙවන්න බැරි වෙයි කියන ප්‍රශ්නය. ඒ නිසා මේ එක විශ්වාසයක් පෙන්නුවේ.

    මුළු රාජ්‍ය යන්ත්‍රයම, සංස්ථා යන්ත්‍රයම රැකියාවල් එලෙස ආරක්ෂා කර දෙන්නට දහ තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් the relief measures that have been announce now in the budget includes 1.3 million public sector employees, 700,000 pensioners as well as Aswasuma cost of which will go up to 183 billion from 60 billion. Three times we are increasing their allocations for relief. May these three sectors relief to these sectors to ese the present cost of living. Which are recorded and increase during the last 2 years. We are said all the reports have shown the difficulties of public is going through. That’s why weather will be cushion this sector of people who need relief people who are working such sectors has been recognize and a massive allocation and has been granted in the budget. ඉතින් මම දන්නෙ නෑ ඇයි මේ රටේ අමාරු කමින් ජීවත් වන ජනතාවට මෙවැනි නිෂ්චිත සහයෝගයන් ප්‍රකාශ කරලා තිබෙද්දී අයවැය ලේඛනය අපි ඒ කිසිවක් නොලැබුණා සේ ප්‍රකාශ කරමින් සිටින්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි දන්නවා විශ්‍රාමිකයන්ගේ ගෙවීම් වැඩි කරන අවස්ථාව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

    විශේෂයෙන් ජීවන වියදම. ඒ වගේම රාජ්‍ය සේවකයින්ගේ 10,000කින් එය වැඩිකරලා තිබෙනවා. මේ අමාරුකම් මධ්‍යයේ මූල්‍ය කළමනාකරණයේ තිබෙන අභියෝග ජයගනිමින් තමයි මෙය කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු අයවැය ලේඛනය සාකච්ඡා කරන වෙලාවේ මම විශේෂයෙන් අපේ රටේ වැඩකරන ජනතාවට සම්බන්ධ ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය සේවකයින් 13 ලක්ෂයක්, ඒ වගේම අස්වැසුමින් තුන්වරක් මේ ප්‍රමාණය වැඩි කරන කොට, ඒ වාගේම අපේ රටේ අනිත් ක්ෂේත්‍ර මෙයට අන්තර්ගත වෙනවා. අස්වැසුම කිවුවහම විශාල ක්ෂේත්‍රයක්. වැඩිහිටියන්ගේ දුර්වල කොටස් විවිධ ආබාධිතයින්, ඒ වාගේම වකුගඩු රෝගාතුරව සිටින අය, ඒ වාගේ විශාල කොටසකට මේ සහන දෙනවාට ඔබලා විරුද්ධ ඇයි? ඔබලා මේවා අනුමත කරනවා නම් මේ ජාතක පාර්ලිමේන්තුවේ හැසිරෙන ජාතික විශේෂ අවස්ථාවකදී හැසිරීමයි. එසේ නොකොට කිසිවක් වෙන්නේ නෑ කියන කතාව අසත්‍ය බව ප්‍රකාශ කරන්න කැමතියි.

    ගරු කතානායකතුමනි, Smaller, medium scale enterprises will also be getting the boost as the ADB has agreed to give us the necessary funds. To adjust in this sector another 30 billion assistants come from the ADB. With other allocation of total of rupees 250 billion has been allocated for his sector. යළිත් වරක් මේ අංශය ගොඩනැඟීම සඳහා තවත් ශක්තිමත් කොට ඉදිරියට ගැනීම සඳහා අඳුනාගෙන එය අපි මේ අයවැය ලේඛනයේ ප්‍රකාශය කරලා තියෙනවා. ඒ වාගේම රක්ෂණය මෙයට අවශ්‍යයි. මොකද, අද මූල්‍ය රක්ෂණය අවශ්‍යයි ව්‍යපාරික ප්‍රජාවට. ව්‍යපාරික ප්‍රජාව යළිත් බැංකු ක්‍රමය සමඟ ඒ රක්ෂණය තමන්ගේ ස්ථාවරය සඳහා යොමු කරනවා.

    ඒ වගේම අපේ රටේ රාජ්‍ය බැංකු දෙක. විශේෂයෙන් බැංකු දෙක. The propose capital infusion in BOC and Peoples’ Bank will not only result greater banking stability. It will pay the way for these banking giants of our country to invest in advanced technology. Which already the private sector banks are have started implementing their gaining the what they could have gain as a result of technological input. Tourism. Another 2.3 billion tourism bringing foreign exchange.

    මේ අංශ දෙක වගේම ගරු කතානායකතුමනි, මම විශේෂයෙන් සිහිපත් කරන්න කැමතියි යළිත් වරක් විදේශ රැකියා කරන අයගේ ප්‍රේක්ෂණ ප්‍රමාණය වැඩි කරමින් අපි වෙනදා තිබුණු ඉලක්කයට කිට්ටු කරන්න පුළුවන් අවස්ථාවකට 2024 පැමිණෙන්ට පුළුවන්කම අද ස්ථාපිත වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය වැඩි කරලා අලුත් අවස්ථාවල් අපේ මිත්‍ර රටවල් ලබා දෙනවා. ඒ සේවය යෙදී තිබෙන ප්‍රදේශවල අය වැඩියෙන් මේ ප්‍රදේශවලට මුදල් යවනවා. මේ නිසා අපි ඒ අයටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ. අග්‍රාමාත්‍යතුමා හැටියට ස්තූතිවන්ත වෙන්න ඕනේ අපේ ආර්ථික මූල්‍යමය තත්වය ගැන විශ්වාසයක් ඇතිකොට මෙවැනි යෝජනාව, මෙවැනි ප්‍රේක්ෂණයන් වැඩි කිරීමට අඛණ්ඩව වැඩ කිරීම රටට මේ මූල්‍යමය අර්බුදයට විදේශ විනිමය දැවැන්ත ශක්තියක් වී තිබෙනවා.

    ඒ වගේම මම සිහිපත් කරන්න කැමතියි මේ අවස්ථාවේදී අපේ ආයෝජනයන්, අපට ආයෝජනයන් තමයි අවශ්‍ය වී තිබෙන්නේ. මේ ආයෝජනයන් අනුගමනය කරන ඉබි ගමන වෙනස් කළ යුතුයි. අපේ පාර්ලිමේන්තුව හැමදාම හැම ආණ්ඩුවක්ම කතා කරනවා. දැන් අදත් BOI ඒක ප්‍රකාශයට පත් කරලා තියෙනවා red tape නිසා විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා මේ ආයතන තුනම එ්කාබද්ධ කරමින් ඉක්මණ් තීරණ ගැනීමට හැකි අලුත් වැඩ කොටසක් මේ අයවැය ලේඛනයේ අපි යෝජනා කරනවා. ඒ තුළින් ප්‍රමාද වෙන, ආයෝජකයන් දුර්වල කරන. ආයෝජකයන් පැමිණීම කල් දමන මේ ක්‍රියාවලිය වෙනස් වෙයි කියලා අපි දැඩි විශ්වාසයක් තිබෙනවා. එමඟින් ලංකාවේ සෑම මැතිවරණ ආසනයකම අලුත් ව්‍යාපාර ආරම්භ වෙන වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා ඒක 2024 දී සෑම ප්‍රදේශයකම සිදු වෙනවා ඇති. ඒ සඳහා මේ වැඩපිළිවෙල ඉක්මණ් කිරීමට පුළුවන් ලෙස මේ ආයෝජන නීතිරීති හා අනුමත කිරීමට ශක්තිමත් කරන්නට ඕනේ. වේගවත් කරගන්නට ඕනේ. එයට අපි සහයෝගයක් දැක්වීම මම හිතන්නේ ඉතාම වැදගත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ.

    ගරු කතානායකතුමනි, මේ අවස්ථාව වන විට අපි දන්නවා, ජාත්‍යන්තරව තිබෙන බරපතල තත්වය.

     

    Yesterday, the President of United States Joe Biden and President of China met in US. And there will be some statement that will come.

     

    But, still the battle in Palestine. The terrible situation that has come to Palestine has not stopped. Israel has to put an end to brutal, criminal attack against citizens, children, women and citizens in Palestine.

     

    මේ වගේ බරපතලම තත්වයක් අපි වෙනස් කරගත්තේ නැත්නම් එහා ප්‍රතිවිපාක අනිත් රටවල්වලට එන්න පුළුවන්. එහි ප්‍රතිවිපාක අපේ ජීවන තත්වයන්වලට බලපාන්න පුළුවන්. අපට විතරක් නෙමෙයි අනිත් රටවල්වලට. ඒ වාගේම මේ කෲරකම ප්‍රහාර, අහිංසක දරුවෝ, බාලවයස්කරුවන්, කාන්තාවන්, රෝහලකට එල්ල බලා ප්‍රහාර එල්ල කිරීම වගේ මිලේච්ඡ ක්‍රියාවලි නැවතී, සටන් විරාමයක් ඇති වී මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරයි කියා මා මේ අවස්ථාවේදී අග්‍රමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරන්න කැමතියි.

     

    ගරු කතානායකතුමනි, ඒ වගේම අපි මේ ඉඩම් ප්‍රශ්නය ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. විශේෂයෙන් අපේ නිවාස මේ නාගරික ප්‍රදේෂවල තිබෙන නිවාසවල කුලිය ඉවත් කිරීම, ඒ වගේම ඒවා පැවරීමට අවශ්‍ය පියවරවල් ගන්නවා. මේ තුළින්, දහස් ගණනක ජනතාවට විශාල සෙතක්, විශාල සහනයක් ඒ අයගේ දරුවන්ට ඒ සහනය භුක්ති විඳින්න පුළුවන් ජීවන තත්වයකට පරිවර්තනය කරන්න පුළුවන් මේවා වෙනුවෙන් හිරවී තිබෙන විවිධ බැඳීම්, මූල්‍ය හා අනෙකුත් බැඳීම්වලින් නිදහස් වීමට. එතකොට මේ අයවැය ලේඛනය නාගරිකව ජීවත් වන ඒ කුලී වැසියන් හා තට්ටු නිවාසවල ජීවත්වන සැමට විශාලතම සහනයක් දෙන අයවැය ලේඛනයක් බවට පත්වන බව. මගේ මිත්‍ර අපේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මැතිතුමා මං හිතන්නේ එතුමා එකඟ වෙයි. මේ බස්නාහිර පළාතේ සහ අනෙක් නගරවලට දිලා තිබෙන මේ සහනය. කුලි වැසියන්ට, අයිතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන අනෙක් වැසියන්ට මේ දීලා තියෙන සහනය මෑත කාල ඉතිහාසයේ කවදාවත් නුදුන්න සහනයක්. ඉතින් අපි ඇයි විරුද්ධ වන්නේ? අපි අහන ප්‍රශ්නය විපක්ෂයෙන් ඒකයි. මේ වගේ අවස්ථාකට අපි මේ ගැටලු මැද පිවිස‍ෙනකොට ඇයිද අපි විරුද්ධ වෙන්නේ.

     

    ගරු කතානායකතුමනි, අනෙක් ප්‍රශ්නය ඔබතුමත් දන්නවා, අපි කවුරුත් දන්නවා අනෙක් කාරණය මා විශේෂයෙන් at a Sri Lankan state of the economy economic policy choices the collection of research papers published by the institute of policy studies. මේ ඉතාමත් වැදගත් තව කොටසකට ජනාධිපතිතුමා පැමිණෙනවා. ඒ කියන්නේ 1840 අපේ රටේ සුදු පාලකයෝ ආපු දවස්වල උඳුරගත් අපේ ගම් නියම්ගම්, මුළු උඩරටම මගේ මිත්‍ර අපේ ගාමිණී දිසානායක මැතිතුමාගේ ආදරණීය පුත්‍රරත්නය මයන්ත මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා කන්ද උඩරට උරුමය තියෙන කෙනෙක්. මගෙත් එක්ක එකඟ වෙයි. මේ අරගෙන තියෙන පියවර ජනාධිපතිතුමා තවත් වැදගත් පියවරක්. එදා සුදු ආණ්ඩුව මඟින් මංකොල්ල කන ලද නීතිය, එයින් ඉවත් වෙලා ඒ අයට 1840 බ්‍රිතාන්‍ය රජය විසින් මේ රටේ මුළු මුහුදේ ප්‍රමාණයෙන් 85%ක් 90%ක් අතර ප්‍රමාණයක් රජයට පවරා ගනු ලැබුවා. අහිංසක ගැමියෝ උන්හිටි තැන් නැතුව යන්නට සිදු වුණා. මෙය සැබැවින්ම රජය විසින් ජනතාවගේ ඉඩම් කොල්ල කෑමක් බව මේ රටේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය මුලින්ම ඇති වන්නේ මේ අවස්ථාවේ සිට. ගොවි ජනතාවටත්, ඒ වගේම 45 ඉඩම් සංවර්ධන ආඥා පනත ගෙනෙන්න ඩී.එස්. සේනානායක මැතිතුමාට පුළුවන් වීමෙන් ගොවි ජනපද ගණනාවක් ආරම්භ වුණත් මේ මූලික ප්‍රශ්නය විසදුණේ නෑ. අපි මේ වතු ඇති කළා. ඒ වගේම වතු අවට ගම්මාන ජීවත් වෙන්න බැරුව හිටියා. අදත් සමහර ගම්මානවලට යන්න එන්න පාරක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනා කරන ඉඩම් ප්‍රතිසංස්කරණය දියුණු ගම්මාන බවට පරිවර්තනය කරන්න. ඒවාගේම දැනට තියෙන වැවිලි කර්මාන්තය තවදුරටත් වෙනසකට භාජනය කරන්න. Diversification is necessary. අපි යන යන දිස්ත්‍රික්කවල, කතානායකතුමනි, ඔබතුමාගේ දිස්ත්‍රික්කයට ආපු වෙලාවේ මොකද්ද කියවුණේ අක්කර දහස් ගණනක් මේ රජයට ගත්ත වතුවල, රජයට නොවන වතුවල අක්කර දහස් ගණනක් කිසිවක් වගා නොකර තියෙනවා. ඒ ඉඩම්වලට ඇතුළු වෙන්න බෑ. මේවා යළි වගාවකට පරිවර්තනය කරලා දැනට තිබෙන වගාවන් නොවන්න පුළුවන් අපනයනයට හා ආහාර බෝග වගාවට අපේ අලුත් පරම්පාරව, අපේ අලුත් ව්‍යාපාරික පරම්පරාවට එක්වෙන්න පුළුවන් අවස්ථාව නිදහස් කිරීමටයි මේ තීරණ ගත්තේ. මං ඒ එක්කම හිතනවා ජනාධිපතිතුමා ඉතාම වැදගත් තීරණයක්. මේ ගැන විශේෂ දේශනයක් පැවැත්වුවා. ඔබතුමා හිටියා අපේ රටේ ඌව විශ්ව විද්‍යාලයේ හිටපු ප්‍රධාන කුලපතිතුමා මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර. ඒ විස්තරවලින් සමහරක් මම මේ දැන් සඳහන් කළේ. ඒවා නිවැරදි කරන්න දීර්ඝ කාලයක් කතා කරනවා.

     

    මේ පටලය අපි කඩන්නේ නැතුව අපිට අලුත් ව්‍යාපාරිකයන් බවට පත්වෙන්න බෑ සීමිත, නාස්තිකාර ඵලදායී නොවන භූමිය බවට තබලා ඒවා දියුණු කරන අලුත් ක්‍රමවලට බහින්නෙ නැත්නම් අපේ කෘෂිකර්මාන්ත අපනයනය තවදුරටත් දුර්වල බවට පරිවර්තනය වීමෙන් මේ මගින් නව මාවතක් විවෘත වෙනවයි කියලා අපි සඳහන් කරනවා. අපේ රටේ ජනතාව ඒ වගේම ඒවායේ වතු කම්කරු ජනතාවටද ඒවගේ තමන්ගේ නිවාස වඩා දියුණු තත්ත්වයකට පරිවර්තනය කරන්න අයවැය ලේඛනයේ මූල්‍ය ප්‍රතිපාදන, ඒ තීරණයන් ප්‍රකාශ කරලා තිබෙනවා.

     

    අපේ මන්ත්‍රීතුමන්ලාට බොහෝ කාලෙකට පස්සේ සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංවර්ධන කමිටුවල නායකත්වයෙන් සංවර්ධන මුදල් ලබා දී යලිත් සංවර්ධනය කිරීමට පුළුවන් තත්ත්වයකට අයවැය සකස් වෙලා තිබෙනවා. ඉතින් අපි මේවා විවේචනය කරන පාර්ශවයන්ගෙන් අහන්න කැමතියි අය වැය තත්ත්වය අපිට සකස් කර ගන්නට හා විශ්වාසය ඇති කරගන්නට පුළුවන් වීම නිසා අපේ ආදායම් තත්ත්වයන්, අපේ වියදම් තත්ත්වයෙන් හරියාකාරව කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා නම් 2024 ඉතාම සාර්ථකව මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න සහයෝගය පාර්ලිමේන්තුව ප්‍රකාශයට පත් කරයි කියලා.

     

    ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවට තිබෙන මේ වගකීම අතරට ම‍ා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ පසුගිය කාලය අපේ රටේ ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ලංකාවේ the plants association also have raise so many issues of developing and for development and Diversification of plantation sect. to enter into the international market.

     

    ඔබතුමා දන්නවා ඔබතුමාගේ ගම් ප්‍රදේශයේ අලුත් වැවිලි රාශියක් මගේ මිත්‍ර ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉන්නවා. අපිට යන වියදම අඩු කරන්නට ඔබතුමත් සහයෝගය දක්වලා නායකත්වය දුන්නා. එ වැවිලි කර්මාන්තයට වියදම අඩු කර ගත ගැනීමට හැකි වන ලෙස කුඩා වැවිලි කර්මාන්තය බවට පරිවර්තනය වෙන්න. අද එය තමයි ඉදිරියෙන්ම තේ ක්ෂේත්‍රයෙන් ඉන්නේ. අපනයනයේ. ඉතින් ඒ නිසා නව ආකාරයට සමස්ත ක්ෂේත්‍රයේ වෙනසකට අපි භාජනය කිරීම අවශ්‍ය වෙනවා. මම විශ්වාස කරනවා මේ තත්ත්වයන් සලකා බලමින් අපේ පාර්ලිමේන්තුව අයවැය ලේඛනයේ මේ වැදගත් යෝජනාවල් අලුත් පරම්පරාවට පාසල්වලින් පිටවෙන මේ සංඛ්‍යාලේඛන මම කියවන්න කාලය ගන්නෙ නෑ. මම ඉල්ලා සිටිනවා එය අන්තර්ගත කරන්න කියලා. ඒ වාගේම ඉඩම් පිළිබඳ සංඛ්‍යාලේඛනය අන්තර්ගත කරන්න කියලා කතානායකතුමනි. It appears in this report on page 120. Lands statistic in Sri Lanka. The all is included. මේක ඇතුලත් කරයි කියලා මං විශ්වාස කරනවා. මොකද මේ මත තමයි අලුත් සංවර්ධනයකට විශ්වාසය එන්නේ.

    ඒ වාගේම අලුත් අයෝජකයන්ට, අලුත් ක්ෂේත්‍ර අපි විවෘත කරන්න ඕනේ. මේ අපි ඉන්න ප්‍රධාන මාර්ග තුන විතරක් නෙවෙයි අලුත් ක්ෂේත්‍ර විවෘත නොකළොත් අපි ඉන්න අපේ ආර්ථිකය වැඩෙන්නෙ නෑ. ඒක තමයි ජනාධිපතිතුමා අවසානයේ කියන්නේ. අපේ ආර්ථිකය වැඩෙන්න නම් නව ක්ෂේත්‍ර දොරටුවලට අවස්ථාව දෙන්න ඕනේ.

    ඒ දොරටුව සඳහා එක්වන නව පරම්පරාවට අවස්ථාව දෙන්න ඕන. අවස්ථාව දෙන්නට නම් අපේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්නට බැරිව පාසල් ජීවිත හමාර කරන සියලු දෙනාට සියලු දෙනාට තාක්ෂණ හා දැනුම පුහුණ වෙන පරම්පරාවක් බවට පරිවර්තනය කිරීමේ සැලැස්ම 2024 දී රට පුරා අපි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. එය දැනට තිබෙනවාටත් වැඩි විශාල සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න පුළුවන්කමට පැමිණෙනවා. මේ තමයි කාර්මික හා තාක්ෂණික දැනුමේ දියුණුව ඇති කරගන්නට පුළුවන් මාවත අලුත් පරම්පරාවට ලැබෙන්නේ. මෙයට සහයෝගය දක්වන ලෙසයි මම විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ. එසේ සඳහන් කරමින් අපි මේ පැමිණ තිබෙන දීර්ඝ අභියෝගාත්මක ගමනට විශ්වාසවන්තව, ඒ දුෂ්කරතා හරහා අපි මුහුණ දුන්නු ගමන ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා. අපි සෘණ වර්ධනයක හිටපු රටක්. සෘණ වර්ධනය අඩු කරගනිමින් ඉදිරියට පැමිණෙන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වාගේම එයට වැඩිය ස්ථාවර බවෙන් අපි වර්ධනය කරා ගමන් කරන්නට හැකි ප්‍රතිඵලයකට ගමන් කරන්න දැන් විශ්වාසය පළවෙලා තිබෙනවා.

    ඒ වගේම අපට තිබුණු ප්‍රධාන ප්‍රශ්න තමයි, අපට ආදායමයි වියදමයි අතර තිබුණු ප්‍රධාන අභියෝගය. එය ජය ගැනීම සඳහා ඉතාම සැලසුමක් සහිත වැඩපිළිවෙළකට අපි ගමන් කිරීමේ ඕනෑකමක් සඳහා මේ අවස්ථාවේ අයවැය ලේඛනය සකස් වෙලා තිබෙනවා. මීට වඩා කාලය ගන්නේ නෑ. ඔබතුමාට ස්තුතියි වෙනවා. අයවැය ලේඛනයේ ක්ෂේත්‍ර සෑම ක්ෂේත්‍රයකටම, ඒ වගේම දියුණු ක්ෂේත්‍රවලට පිවිසෙන්න අලුත් වැඩපිළිවෙලවල් රට පුරාම ඇති කළ හැකි වසරක් බවට පරිවර්තනය කළ හැකි අයවැය ලේඛනයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. තරුණයන්ට, කාන්තාවන්ට සහභාගී විය හැකි ඉතා කුඩා ක්ෂේත්‍රයේ කර්මාන්ත, නිෂ්පාදනයන් සඳහා ජනාධිපතිතුමා ඉතා විශාල වැය ශීර්ෂ ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා.

    අපි විශ්වාස කරනවා කාන්තා ක්ෂේත්‍රයට ඒ තුළින් රටේ ආර්ථික දියුණුව සඳහා ගමන් කළ හැකි මාර්ගයට අවතීර්ණය වීමට පුළුවන්කම ඇති කරයි කියලා. විවිධ ක්ෂේත්‍ර ගැන සැකයන් පහළ කළ තත්වයෙන් අපි මිදෙන්න. පාර්ලිමේන්තුවෙන් අපි විශේෂයෙන් ඉල්ලනවා. සැකයන් මත තීරණ ගත්ත කාලය අවසන් කරන්න. ගිය අවුරුද්ද පුරා මේ පාර්ලිමේන්තුවේ අපේ මිත්‍ර ප්‍රතිපක්ෂය කිව්වේ සැකයන්. ඒ සියල්ල දුරු කරලා තියෙනවා. ඔබලා සඳහන් කරන ලද සැකයන් මත කරන ලද ප්‍රකාශ ඉෂ්ට වෙලා නෑ. මම මුලින්ම පටන් ගත්තෙත් එයයි.

    මම අවසන් කරන්නේත් යලිත් ඔබට සිහිපත් කරමින් රාජ්‍ය සේවකයන් දහස් ගණනින් දොට්ට දමනවා. සිද්ධ වුණාද? නෑ. අලුත් මොඩලයකට ශ්‍රී ලංකාව සැලසෙනවා කියන දෙක අපි ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එකඟ වී තිබෙනවා. අපිට ණය ගෙවීමේ ප්‍රශ්නය අපි නිරාකරණය කර ගනිමින් ඉන්නවා. ඒ සමඟම යළිත් නැවතුන ව්‍යපාර ආරම්භ වී 2024 දී සෑම ප්‍රදේශකටම ඒ දියුණුව ලබා ගැනීමට පුළුවන් අවස්ථාවකට අපි පැමිණීමේ ක්‍රියාමාර්ගයට ඒකාබද්ධව අත්වැල් බැඳගෙන වැඩ කරන්න පාර්ලිමේන්තුව වැඩ කරයි කියලා විශ්වාස කරනවා. එය අපිට තිබෙන වගකීමයි. අපට ජනතාව ඉල්ලා සිටින දෙයයි. ජනතාවගේ බලාපොරොත්තුව එයයි. තවදුරටත් ජනතාවගේ පෙළෙන ජනතා කොට්ඨාසවලට සහන දෙමින් ඒ සහන එම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පරිවර්තනය කරමින් ඉදිරියට ගමන් කළ හැකි විශ්වාසනීය ආරථික තත්වයකට මේ අයවැය ලේඛනය අප රට ගමන් කරවීමට හැකියාව තිබෙන බව සඳහන් කරමින්, ඔබතුමාට ස්තූතිවන්ත වෙමින් මම නවතිනවා.”

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya