අයවැය විවාදයේ දෙවෙනි දිනය වන (15) දින විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,නව ආයෝජන නීති සකස් කිරීමට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය පුද කරන බවද බවයි.
ආර්ථික අර්බුදය හමුවේ මෙවන් අයවැය සකස් කිරීමම භාරදූර්ය කාර්යයක්. ආයෝජන දරිගැන්වීමට, කෘෂිකර්මාන්තය , අධ්‍යාපනය සඳහා මෙවර මුදල් වෙන් කර තිබෙනවා.
අර්බුදයෙන් ගොඩ එන මාර්ගය මෙම අයවැයේ ඇතුළත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පනේවා දුන්නේය. අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් කඩා වැටිලා තිබෙනවා.
මේ සඳහා රුපියල් බිලියන 30ක් ලබ දීමට යෝජනා කිරීම තුළින් එම ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට අවධානය යොමු කර තිබෙනවා. ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට තිබෙන නීති රීති ලිහිල් කිරීමට කටයුතු කරනවා'' යැයි පැවසීය