අයවැය විවාදයේ දෙවන දිනය වන අද විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙය මැතිවරණ අයවැයක් නොවන බවයි. ඡන්දය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඡන්දය තියෙනවා.සමහරු කියනවා මේ අයවැය ගිය අවුර්ද්දේ අයවැයේ කාබන් කොපියක් කියලා. ගිය අවුරුද්දේ කාබන් කොපියක් තමයි අපි ගහන්න ඕන. එය යම් ප්‍රමාණයකට ඇත්තක්. ගිය වසරේ 70%ක්ව පැවති උද්ධමනය 1.5% දක්වා ගෙනා අයවැය නරකද? එමනිසා එම අයවැයේ කොපිය ගහන එක නරකද?දේශපාලනයේදී අපි අවස්ථාවාදී වෙන්න ඕන නැහැ. විවිධ අදහස් තිබෙන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. එය හොඳයි පාර්ලිමේන්තුවේ තත්වය ස්ථාවර කර ගන්නා එක අපේ වගකීමක්. .
ඉතිහාසයේ කවරදාවත් නොතිබූ සංයුතියකින් තමයි මෙම ආණ්ඩුව තිබෙන්නේ එකිනෙකට නොපෑහෙන පක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි මෙම ආණ්ඩුව හදලා තිබෙන්නේ.අපි අපේ දේශපාලන අරමුණු පැත්තකට දමලා වැටිච්ච රට ගොඩ ගැනීම වෙනුවෙන් එක් වෙලා කටයුතු කළා.රටට එදා පත්වූ තත්වය ඔබට මතක ඇති. මේ රට ලිබියාවක් වෙන්න ගියේ යැයි පැවසීය.