වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සිය විෂය පථය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කොට අපනයනකරුවන් බවට පත් කළ යුතු බව සදහන් කළ අමාත්‍යවරයා, බිලියන 13ක් වන මෙරට අපනයන ආදායම තවත් ඉහළ නැංවිය යුතු බවත්, 65% ක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ සදහා දායක කර ගත යුතු බවත් සදහන් කරන ලදී. ඒ අනුව මෙවර අයවැය තුළ ඔවුන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ලෙස බිලියන 30ක් වෙන් කර තිබෙන අතර එය අවශයම පුද්ගලයන් වෙත ලබා දීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවත් ඒ සදහා රජය වැඩිපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.
සීනි බදු වංචාවක් සිදු වී ඇත්නම් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස සදහන් කළ අමාත්‍යවරයා, සීනි බදු සංශෝධනය කළ අවස්ථාවේ සීනි ආනයනකරුවන් සතුව යම් අතිරික්තයක් පැවතීම සාමාන්‍ය කරුණක් බවත්, ඔවුන් වැඩිමිලට එම සීනි තොග වැඩිමිලට අලෙවි කිරීම වැළැක්වීම සදහා පාරිභොගික අධිකාරිය හරහා සීනි වලට පාලන මිලක් පැනවූ බවද ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය.
“විපක්ෂය කුමන තර්ක නැගුවද 7.3 ක්වූ දළ ජාතික නිෂ්පාදිතය 10.2 දක්වා වැඩි වී තිබෙනවා. ඊළග වසරේ 12 දක්වා එය ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවයි. ඒ අනුව එළඹෙන 2024 වසරේ ධන ආර්ථික වර්ධන වේගයක් බවට පුරෝකථනය කර තිබෙනවා” යනුවෙනි.
ආදායම වැඩි කිරීමට මෙම අයවැය හරහා විකල්ප මාර්ග භාවිතා කර තිබෙන බව සදහන් කල අමාත්‍යවරයා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයට ආදායම් හිමිවන ආයතන එක්කොට ශ්‍රී ලංකා ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට නියමිත බවද මෙහිදී සදහන් කරන ලදී.
අද වන විට රජය චීනය, තායිලන්තය වැනි අසල්වැසි රාජ්‍යයන් සමග ද්වී පාර්ශවීය නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන බවත්, යුරෝපීය සංවිධානය වැනි අන්තර්ජාතික සංවිධාන සමගද රජය සහයෝගයෙන් කටයුතු කරන බවද සදහන් කරන ලදී.
ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට, කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය අයවැය මගින් ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව දිනකට මිලියන 20ක කිරි ලීටර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අරමුණ බවත්, පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට භාණ්ඩ ලබා දීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.