නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ' කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා- කෝප් කමිටුවේ සභාපති

    නොවැම්බර් 15, 2023

    '' කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා ''යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

    ඊයේ (14) පැවැති කෝප් කමිටුව සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටුවේ සභාපතිවරයා මේ බව පැවසීය.

    එහිදී අඳහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපතිවරයා;

    ඊයේ ස්වාධීනව ආව පිරිසක් හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරු ආවේ වෙන පරමාර්ථයකින්. අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නෑ. කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමතිවරයාගෙ නම වත්  කිව්වේ නෑ. මෙය ස්වාධීන කමිටුවක් ලෙස පවත්වාගෙන යාමේ වගකීම තිබෙනවා විපක්ෂ නායකතුමාටත් යැයි මන්තීවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya