ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කිවවීමේ පළමු දිනය වන අද විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් අයවැය විවාදය ආරම්භ කළේය.
විවාදයේ අඳහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, මෙවර ඉදිරිපත් කළ අයවැය මේ රට නැගිටවීම සඳහා ගත් සැබෑ උත්සාහයක් බවත් ඒ සඳහා සහාය ලබා දෙන ලෙසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවර අයවැයෙන් සමාජයේ සෑම ක්ෂේත්රයකටම සහන ලබා දී ඇති බවයි.
මෙවර අයවැයෙන් සමාජයේ සෑම ක්ෂේත්රයකටම සහණ බෙදෙනවා. ඒක තමයි විප්ලවීය අයවැයක් කියන්නේ. ඇතැම් අය මෙම අයවැය ලේඛනය දැකලා බය වෙලා තිබෙනවා. ඡන්ද අයවැයක් කියලා . බය වෙන්න දෙයක් නැහැ. මෙය තමයි යුතුකම් ඉටුකරනවා කියන්නේ. ඇතැම් අයට වරප්‍රසාද දෙපාරක් ලැබෙනවා. රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කර තිබෙනවා, විශ්‍රාම වැටුප්, අස්වැසුම, උරුමය වැඩසටහන යටතේ ජනතාවට ඉඩම් ලබා දෙනවා.
සෑම සමාජ පන්තියක්ම මෙවර අයවැය ලේඛනයෙන් යමක් බලාපොරොත්තු වෙනවා. අපි වෘත්තීය සමිති 10කට වැඩි ප්‍රමාණයක් සමග දිනකට සාකච්ඡා පැවැත් වුවා. ඔවුන් හැමෝම ඉල්ලුවෝ පඩි වැඩිකරන්න. එසේ නැත්නම් බදු අඩු කරන්න. අය වැය ලේඛනය සකස් කරද්දි අයයි වැයයි කොහොමද ගලපගන්නේ කියල කල්පනා කරන්න සිදු වුණා. වත්මන් තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින් පත්වී ඇති අපහසුතා පිළිබඳව රජය ඉතා අවධානයෙන් පසුවන බවත් පෙර වසරේදී පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයින්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩිකිරීමට මෙවර අයවැයෙන් කටයුතු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප පළවෙනි මාසෙම දුන් නැත්තේ ඇයි කියලා අහනවා.? මෙරටට ආදායම ලැබනෙ රටාවක් තිබෙනවා. මාර්තු ජූනි අතර කාලයේ ලැබෙන්නේ 30% -40%ත් අතර ප්‍රමාණයක්.ඊ ලග කාර්තුවේ 60%ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආනායන සිදු වන උත්සව සමයේ වැඩි ආදායමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බදු ගෙවන්නේ යම් නිෂ්චිත දිනයකදී.අපි මුදල් ලැබෙන විදියට වැටුප් ගෙවන්න සැළසුම් කර තිබෙනවා.රාජ්‍ය සේවකයන්ගේ හිග වැටුප ගෙවනව කියල අපි කියල තිබෙනවා. අපි මුහුණ දෙන සැබෑ ප්‍රශ්න වලට සෑබෑ විසදුම් ලබා දී තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
ආදායම සොයාගැනීම ඇතුළු අභියෝග රැසක් අපිට තිබුණා. බිලියන 2416 ක් අපිට සොයාගන්න පුළුවන් 11% ක හිඟයත් එක්ක. අපි ඍණ ආර්ථිකයක් එක්ක මේ බදු එකතු කරන්නේ.
රේගුවේ බදු තමයි ආනයන වලින් ලැබෙන ප්‍රධාන ආදායම. නමුත් අපි අදටත් වාහන ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. දැඩි මූල්‍ය විනයක් එක්ක තමයි මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ. අපි වියදම් පැත්තෙන් දැඩි පාලනයක ඉන්නවා. අයවැය හිඟය, ප්‍රාථමික ශේෂය අපි පවත්වාගෙන යනවා. ප්‍රාථමික හිඟය අපි දිගින් දිගටම අවශ්‍ය පරිදි දීලා තියෙනවා. අපි වර්ෂ 5 ක පමණයි ධන පැත්තට තිබුණේ. වර්ෂ කිහිපයක් මෙහෙම ගිහිල්ලා ආයෙම ඍණ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඍණ අයවැයක් එක්ක අපිට ද්විපාර්ශවීය ණයක් ලබාගත හැකිද යන්න නැවත සිතාබැලිය යුතු කාලයක් මේක. රු. බිලියන 2851 ක අයවැය හිඟයක් අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වන්නේ ප්‍රෙද්ශ කිහිපයකින් විතරයි. මෙම යෝජනාවේ ගැබ් වී තිබෙනවා පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් වෙන් කිරීම ගැන. මෙය ඉතාමත් කාලෝචිත යෝජනවාක් බව පැවසීය.