නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදායම වැඩි කර ගැනීමේ විකල්ප යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා- වෙළඳ අමාත්‍ය

    නොවැම්බර් 14, 2023

    ආදායම වැඩි කර ගැනීමේ විකල්ප යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (14) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2024 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කිවවීමේ පළමු දිනය වන අද(14) දින විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කඩා වැටුණු ආර්ථිකයකට සහ බංකොළොත් වූ රටකට නව දැක්මක් සමග නැවුම් බලාපොරොත්තුවක් ඇති කරමින් රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් වත්මන් ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    පසුගිය වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂය විසින් සිදු කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ, එසේ සිදු නොකරන යෝජනා සම්බන්ධයෙන් විපක්ෂය විසින් විස්තරාත්මක විග්‍රයක් ඉදිරිපත් නොකරන බවයි.

    විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් මෙම චෝදනාව ඉදිරිපත් කරනවා. ඇත්ත සමහර යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි වී තිබෙනවා.නමුත් එම යෝජනා මොනවාද යන්න පිළිබඳව විපක්ෂය විසින් විස්තරාත්මකව කියන්නේ නැහැ.මුදල් ලබා දුන් සහ නොදුන් ප්‍රමාණයන් ගැන. එක් එක් ක්ෂේත්‍ර සඳහා ලබා දුන් මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුම් දෙනවා.

    අයවැය යෝජනා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වන ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා එ් සඳහා කෙටුම්පත් සකසා කැබිනට් අනුමණ්ඩලයට දමා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි

    2022 වර්ෂය ඉතාම නරක අවුරුද්දක්. ආර්ථික වර්ධන වේගය සෘණ අගය ක පැවතුණා. නමුත් මේ වසර වන විට එම සෘණ අගය මෙම කාර්තුව අවසානයේ ධන ආර්ථිකයක් කර ගැනීමට හැකි වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    මෙවර අයවැයෙන් අවධානය යොමු කළ විශේෂ කාරණයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ශක්තිමත් කර ගන්න කියලා. ලංකාවේ 65% ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්.ඔවුන්ට අපනයනණය සඳහා පහසුකම් නැහැ.ඒ නිසා තමයි ඔවුන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙන්නේ. ණය අවශ්‍යම අය හඳුනාගෙන එවැනි පුද්ගලයින්ට ණය ලබා දෙනවා.

    මහා පරිමාණ්‍ය ව්‍යාපාරිකයින් අපනයනය කරද්දි සුළු පරිමාණ ව්‍යාපාරිකයිනුත් ඒ සඳහා සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් අපි හදල තිබෙනවා. පළාත් මට්මටින් කර්මාන්ත දියුණු ිකරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා.

    ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශේෂ අවධානයක් මෙවර අයවැයෙන් යොමු කර තිබෙනවා. කෘෂිකර්මාන්තය තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට සහ ධීවර කර්මාන්තය නැංවීමට මුදල් වෙන් කර තිබෙනවා. කිරී නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කර තිබෙනවා ''යැයි පැවසීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya