මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 78 වන අයවැය ලේඛනයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැයයි.
2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට
ඇත.
එමෙන්ම 2024 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් හෝ මුදල් ලබාගැනීමට බලය පැවරීමේ දී 2024 වර්ෂයට අදාලව ලබාගනු ලබන ණය මුදල් හි සීමාව ලෙස දක්වා
ඇත්තේ රු. බිලියන 3,900 නොඉක්මවිය යුතු ලෙසටයි.
මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (පළමුවන වර කියවීම) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ අනුමතිය පසුගිය 09 වැනිදා හිමිවිය.
. මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට(14) සිට නොවැම්බර් 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට (නොවැම්බර් 13 සෙනසුරාදා) නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් දෙවෙනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
ඉන්පසු කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.