සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජය කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අධ්යක්ෂ (තෘතියික සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රෝහල නියෝජනය කරමින් අධ්යක්ෂ වෛද්‍ය අනුජ රොඩ්රිගෝ සහ විශේෂඥ වෛද්‍යවරුන්, සබරගමුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න යන මහත්ම මහත්මින්ගේ සහභාගීත්වයෙන් පවතින ගැටලුව පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්චා කෙරිණි.
අවසානයේ දී දෙපාර්ශවයේ එකඟතාවය මත ඉදිරියේ දී රත්නපුර ශික්ෂණ රෝහලේ හදුනාගත් එ්කකය බැගින් මහාචාර්ය පුහුණුව සදහා වෙන්කර ලබා දීමටත්,
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රෝහලට පත් කර ඇති විශේෂඥ වෛද්‍යවරයා එම ඒකක වල ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමටත්,විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ට, කතිකාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට මෙම ඒකක වලට පැමිණ ඉගැන්වීමේ සහ රෝගීන්ගේ කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීමටත් එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රෝහලට පත් කර ඇති විශේෂඥ වෛද්‍යවරයා යටතේ සිදු කිරීමටත් තීරණය විය.
එමෙන්ම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට හා කතිකාචාර්යවරුන්ට සායනික කටයුතු සදහා ලැබෙන අවස්ථාව පිළිබද එකඟතාවයකට දෙපාර්ශවය විසින් මෙහිදී එලැඹිණි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් සදහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අදටත් වෛද්‍යවරුන් වන අප ඉතාම කැමැත්තෙන් සිටින බවත්, ඒ සදහා දැනටමත් කටයුතු කරන බවත් පෙන්වා දුන් අතර රෝහල හා විශ්ව විද්‍යාලය අතර අනයෝන්‍ය අවබෝධය පළුදු වීම නිසාත්, යම් යම් සිදුවීම් නිවැරදි කර ගැනීමෙන් මෙම තත්වය මගහරවා ගැනීමට හැකි බව ද, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමා සමඟ පෙරදිනක පැවැත් වු සාකච්ජාවකදී ඇති වු එකඟතාවයන් තවමත් එලෙසම පවතින බවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
මීට අමතරව රත්නපුර ශික්ෂණ රෝහලේ පවතින භෞතික හා මානව සම්පත් වල අඩුපාඩුකම් පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ගැණුනි. ප්‍රධාන වශයෙන්ම මේ වන විට ඉදිකිරීම් අත්හිටුවා ඇති හෘද ඒකකයේ ඉදිකිරීම්, පිළිකා රෝගී සත්කාර ඒකකය ඉදිකිරීම, රෝහල් කාර්ය මණ්ඩල හිඟතාවය, රෝහල් භූමියේ අනවසර පදිංචිකරුවන් පිළිබදව හා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම පිළිබදව ද සාකච්ජා වු අතර ලබන වර්ෂය සදහා මුදල් වෙන් වීමෙන් පසු මෙම කාර්යන් ඉටු කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
මෙම සාකච්ජාවෙන් අනතුරුව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයේ විශේෂ නිරීක්ෂණයක ද නිරත වු අතර වෛද්‍ය සිසුන් හා ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත විය.
සබරගමුව පලාතේ ප්‍රධානතම මහ රෝහල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවාවන් සිදු කරන රත්නපුර මහ රෝහල සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමත් සමඟ 2018 වර්ෂයේ දී ශික්ෂණ රෝහලක් බවට පත් කෙරිණි