නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලහ භද්‍රවතී භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම් පත විවාදයට ගැනේ

    නොවැම්බර් 10, 2023

    ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට සේවය සපයන රෝහලක් බවට ගලහ භද්‍රාවතී භික්සූ ගිලානෝපස්ථානය පත් කරන බව ස්‍යෛඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.ගලහ භද්‍රවතී භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම් පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ස්‍යෛඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

    මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ;
    මෙම මධ්‍යස්ථානය ගිලන් වී අසරණ වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 2007 වර්ෂයෙන් ආරම්භ වුණා. මෙම මධ්‍යස්ථානය දැනට පේරාදෙණිය රෝහල මගින් පාලනය කර තිබෙත ආයතනයක්. ඉදිරියේදී පේරාදෙණිය රෝහලට අනුබද්ධ කර නියමානුකූලව පවත්වාගෙන යාම සඳහා තමයි මෙම කටයුතු සිදු කරන්නේ.පසුගිය කාල සීමාව පුරාම මෙම මධ්‍යස්ථානය ගිලන් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. එම කටයුතු වඩාත් නෛතික භාවයෙන් යුතුව ඉදිරියටත් කරගෙන යාම වෙනුවෙන් තමයි මෙම පනත ඉදිරිපත් කර තිබෙන්නේ.ඒ අනුව ඉදිරියේදී ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට සේවය සපයන රෝහලක් වශයෙන් කටයුතු කිරීමට තමයි මෙම පනත ඉදිරිපත් කරන්නේ මේ වෙනුවෙන් කටයුතු කළ පක්ෂ විපක්ෂ සෑම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙනවා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya