'' දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා කෙටි දේශපාලන වාසි පසු පස නොගොස් දූරදර්ෂීව කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ (ICC) සහයෝගය දිනා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බව පෙන්වා දුන්නේය. මෙම නව පනතේ ජනාධිපතිවරයාගේ ක්‍රීකට් ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙළ පැහැදිළිවම මෙම පනතේ සඳහන් වී ඇති බවත් තිරසාරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ මෙම පනතේ සඳහන්ව ඇතැයිද කීය. ක්‍රිකට් ක්‍රීඩාව නිර් දේශපාලනීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම වැඩපිළිවෙළ ගෙන ඇති බවත් මෙවන් වැඩපිළිවෙළක් ඔස්සේ පමණක් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම සඳහා රජය දැනටමත් විසඳුමක් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම වෙනුවෙන් සම්පාදිත “චිත්‍රසිරි කමිටු වාර්තාව” අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේය. එම පනතට අනවු සම්පූර්ණයෙන් දේශපාලනය ඉවත් වෙනවා. සිවිල් සමාජයට සම්පූර්ණයෙන් බලතල දෙනවා. මෙය තමයි ජනාධිපතිවරයා සිදු කළ කාර්ය භාරය. ජනාධිපතිවරයා කෙට් දේශපාලන වාසි පස්සේ යන කෙනෙක් නොවේ. එම පනත අනුව කිසිදු දේශපාලන බලපෑමක් නැහැ
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
අපි කැමති වුණත් අකමැති වුණත් ICC එකේ ආශිර්වාදය අපට අවශ්‍යයි. අපිට තනියම ක්‍රිකට් ගහන්න බැහැ. ඒ අයගේ සහයෝගය අවශ්‍යයි. ජනාධිපතිවරයා දූරදර්ෂීව මේ කාරණය දැක්කා. ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින් ක්‍රීඩා ඇමතිවරයාට නිවැරදි උපදෙස් ලබා දිය යුතුයි. එය නිලධාරින්ගේ යුතුකම.වර්තමාන ක්‍රීඩා පනත වෙනස් කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව මේ රටේ විශාල ජනමතයක් ගොඩ නැගිලා තිබෙනවා. පාර්ලිමේන්තුව මෙම යෝජනාව සම්මත කරන්නේ මේ රටේ ජන මතයට ගරු කළ යුතු නිසා.සමස්ථ පාර්ලිමේන්තුව ජනමතයක් දෙනව වගේම පණිවිඩයක් දෙනවා.දැනට තිබෙන ක්‍රීඩා පනතේ අමාත්‍යවරයාට ලබා දී තිබෙන බලතල මදි.එක මණ්ඩලයක් ඉවත් කරලා තව මණ්ඩලයක් පත් කළාට මේක හරියන් නැහැ.අපි හොඳ ක්‍රමවේදයක් සකස් කරන්න ඕන දේශපාාලන බලපෑම් වලින් තොර හොඳ ක්‍රිකට් පාලක මණ්ඩලයක් බිහි කිරීමට. ආවේහශීලීව කතා කළාට මෙම ප්‍රශ්නය විසඳෙන් නැහැ.
ජනාධිපතිවරයා කෙට් දේශපාලන වාසි පස්සේ යන කෙනෙක් නොවේ. මෙම පනත යටතේ ස්ථිර සාර විසඳුමක් හඳුන්වා දී තිබෙනවා. අපිත් කිව්වා මෙම පාලක මණ්ඩලය දූෂිත බව. නමුත් අපි ඒ අය ගෙදර යවන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකස් කරන්න ඕන.මේ පිළිබඳ ක්‍රීඩා පනතේ පැහැදිළිව සඳහන් කර තිබෙනවා.