අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ''දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අද (09) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක් වෙමිණි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ:
''ඇතැම් හුදෙකලා සිද්ධියක් නිසා ඊයේ මෙම පාර්ලිමේන්තුව තුළ අධිකරණය පිළිබඳ දීර්ග වශයෙන් සාකච්ඡා වුණා. එම සාකච්ඡාව තුළ අභියාචනාධිකරණයේ සභාපතිවරයා පිළිබඳවද දීර්ග වශයෙන් සාකච්ඡා වුණා.නමුත් මෙම සාකච්ඡාවන් විවිධ මාධ්‍ය මගින් සන්නිවේදනය වන ක්‍රමවේදය නිසා බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥයින් අපහසුතාවයට පත් වී තිබෙනවා. ඇතැම් ශීර්ෂපාඨ නිසා සමස්ත අධිකරණ පද්ධතියටම ව්‍යවස්ථාදායකය පහර එල්ල කළා වගේ පේන්න තියෙන්නේ. එය නිවැරදි නැහැ.
අපි අධිකරණයේ ස්වාධීනත්වය කිසි විටක අභියෝගයට ලක් කළේ නැහැ. නමුත් එක් විනිසුරුවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳ පමණක් අභියෝගයට ලක් කළ බව ඇත්ත. මෙම සිදුවීම නිසා සමස්ථයක් වශයෙන් විනිසුරුවරුන්ට හිත් රිදවීමක් ඇති වුණා නම් අපි ඒ පිළීබඳ කණගාටුවට පත් වෙනවා.
ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර කිසිදු ගැටුමක් නැහැ. පාර්ලිමේන්තුව කිසිදු පක්ෂ භේදයකින් තොරව මහජන මතයට එකග වුණා. මෙම පාර්ලිමේන්තුවේ ඊයේ දවස පුරා දැක්කේ මහජන මතය. මෙය ව්‍යවස්ථාදායකයි අධිකරණයයි අතර ගැටුමක් හැටියට නොදකියි කියලා අපි විශ්වාස කරනවා. මහජන මතයට ගරු කරන්න ඕනෑම කෙනෙක් බැඳී සිටිනවා. අධිකරණ පද්ධතිය පිළිබඳ අවිශ්වාසයක් ගොඩ නගා ගන්න එපා. විනිසුරුවරුන් හිත් රිදවීමක් ඇති කර ගන්න එපා'' යැයි පැවසීය