කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) හා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය එක්ව 6 වන වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළලේදී ක්ෂුද්‍ර පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන කර්මාන්ත අංශ සියල්ල නියෝජනය කරමින් සම්මාන ප්‍රදානය කරන ලදී.
මෙහිදී කර්මාන්ත හා නිෂ්පාදන , කෘෂි කර්මය - පශු සම්පත් හා ධීවර හා සේවා යන අංශ පදනම් කරගනිමින් සම්මාන පිරිනැමුණු අතර විශේෂ නිර්ණායක 8 ක් යටතේ හොඳම කාර්ය සාධනය සඳහා වූ සම්මාන 11 ක්ද පිරිනමන ලදී.
2014 වසරේ ආරම්භ කළ මෙම ප්‍රාදේශීය සම්මාන උළෙල මෙම වසරේදී ප්‍රාදේශීය සම්මාන උළෙල 5 ක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සමස්ථ සම්මාන උළෙල මඟින් 100 කට අධික ව්‍යවසායකයින් පිරිසක් ඇඟයීමට ලක් කරයි. බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් හදුනාගෙන ඔවුන් ඇඟයීමට ලක් කිරීම, රටේ ආර්ථික සංවර්ධනය සඳහා තම දායකත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් දිරිගැන්වීම හා උනන්දු කරවීම, හා සිය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය ලබා ගැනීමට ව්‍යවසායකයින් දිරිමත් කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වෙයි.
මෙම සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමට දායකත්වය සපයන කර්මාන්තකරුවන්ට සමස්ථ ජාතියේම ප්‍රණාමය හිමිවන බවයි. එසේම නිදහසින් පසු ගෙවී ගිය කාලයේ රටේ බොහෝ අංශ වල දියුණුවක් ඇති වුවත් ප්‍රමාණවත් ආර්ථික හා කර්මාන්ත සංවර්ධනයක් රට තුළ සිදු නොවූ බවත් ශක්තිමත් මානව සම්පතක් පවතින අප රටේ මිට වඩා බොහෝ සෙයින් ශක්තිමත් කර්මාන්ත පද්ධතියක් තිබිය යුතු බව පැවසීය. තවද රාජ්‍ය දායකත්වය ද ප්‍රමාණවත් තරම් පසුගිය කාලයේ කර්මාන්ත ක්ෂේත්‍රයට නොලැබුණ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී එම තත්ත්වය වෙනස් වන බව ද වැඩිදුරවත් පැවසීය.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා , රටේ ව්‍යවසායකයන් බිහිවීම අවශ්‍යම කරන මෙවන් කාලයක ව්‍යවසායකයන් බිහිකිරීම උදෙසා ජනමාධ්‍ය ඇතුළු පාර්ශවවලට වඩා වැඩි වගකීමක් පැවරෙන බව පැවසීය.
මෙම සම්මාන උළෙල සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුභද්‍රා වල්පොල, A. ලක්කදාස්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම, ජපන් තානාපති කාර්යාලයේ දුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ් , ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන් , මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, පෑන් ඒශියා බැංකුවේ සභාපති අරවින්ද පෙරේරා, රාජ්‍ය නිලධාරීන් , ව්‍යවසායකයින් අතුළු විශාල පිරිසක් සහභාගි වූහ.