නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

    නොවැම්බර් 09, 2023

    මුදලට සීමා නොවී සිය කාලය, ශ්‍රමය, ධනය වැය කරලමින් රෝගීන් සුවපත් කරලීමෙහිලා කැපවූ ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මහරගම, නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණ.

     

    එහිදී සර්වාංග, සර්පවිෂ, කැඩුම් බිඳුම් සහ ගෙඩි වන යන ප්‍රතිකාර සේවාවන්හී සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරුන් වෙත වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම සිදු විය.

    මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය අජිත් කුමාර, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ආචාර්ය අනුර ඇතුලත්මුදලි, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya