නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කටයුතු කරනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    නොවැම්බර් 08, 2023

    කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (7 දා) ලෝක විද්‍යා දිනයට සමගාමීව කාර්මික තාක්ෂණ ආයතනය විසින් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී පැවැත්වූ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය (ITI ) 6 වන වරටත් පවත්වන තම ද්වී වාර්ශික පර්යේෂණ සම්මන්ත්‍රණය නොවැම්බර් 7,8,9 යන තෙදින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා කර්මාන්ත වලට අදාල නවනිපැයුම් හා පර්යේෂණ වල සංවර්ධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

    මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භයේදී පසුගිය 2022 හා 2023 වර්ෂ වල කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිදුකල නවෝත්පාදන, පර්යේෂණ හා පර්යේෂණ පත්‍රිකා සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.

    මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ International Center for Climate and Environment Science හා Institute of Atmospheric Physics, Chinese Academy of Science යන ආයතනවල අධ්‍යක්ෂ සම්මානනීය මහාචාර්ය Zhaohui Lin විසින් උණුසුම් දේශගුණ තත්ව යටතේ නියඟයේ විචලනය හා එහි අනාගත බලපෑම යන මැයෙන් ප්‍රධාන දේශණය පවත්වන ලද අතර Zoom තාක්ෂණය ඔස්සේ විශේෂ ආරාධිතයා ලෙස පර්යේෂණ සම්මන්ත්‍රණය සමඟ එක්වූ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධනය සඳහා වන විද්‍යා හා තාක්ෂණීක කොමිෂන් සභාවේ (COMSTATS) විධායක අධ්‍යක්ෂක ආචාර්ය Mohammad Nafees Zakaria විසින් ශ්‍රී ලංකාව සමඟ COMSTATS ක්‍රියාකාරකම් සහ සහයෝගීතාව පිළිබඳව විශේෂ දේශණයක් පවත්වන ලදී.

    මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ,

    පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික පසුබෑම හමුවේ භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමාවන් හේතුවෙන් දේශීය කර්මාන්ත වල ශක්තිමත්බව වඩාත් වර්ධනය වූ බවයි. එනිසාම අපනයන වල යම් වර්ධනයක් සිදුවූ බවත් දේශීය හා විදේශීය වෙළඳපලවල් සඳහා භාණ්ඩ නිෂ්පාදනය වඩාත් නිවරදි දැක්මකින් යුතුව සිදුකිරීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන් සමත්ව ඇති බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසීය. එසේම කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බවත් විශේෂයෙන්ම ඉදිරියේදී කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සඳහා බදුසහන ලබාදීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායකත්වය ලබාදෙන සියළුම පර්යේෂකයන් හට අමාත්‍යවරයා තම ස්තූතියද පල කලේය.

    මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන නන්දනී සමරවික්‍රම, මහින්ද ලාල් ගුණතිලක, A. ලක්කදාස්, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර , කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රාධිකා සමරසේකර, ඉන්දියවේ Faculty of Pharmacy & Principal,JSS College of Pharmacy JSS Academy of Higher Education & Research හි පීඨාධිපති ආචාර්ය T. M. Pramod Kumar , විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya