මෙම අවස්ථාවට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 173ක නිළධාරීන් සහභාගි විය.
මෙහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ විදේශ රැකියා නියෝජිතයින් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කරන ලදී. ඊට අමතරව රැකියා නියෝජිතායතනවල සාමාජිකයින්ට ඔවුන්ට ඇති ගැටළු කාර්යාංශ නිළධාරින් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාවද ලබාදුනි.
කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන ඉන්දිරා පතිනායක, ඒ.කේ.යූ. රෝහණ, ප්‍රියන්ත වීරසේකර, කුමුදු කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්විය.