නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවකයෙකු යම්කිසි පුහුණුවකට විදේශගත වන්නේ නම් රජය විසින් දිනකට යැපුම් දීමනාව ගෙවීම රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් 

    නොවැම්බර් 07, 2023

    රජයේ සේවකයෙකු යම්කිසි පුහුණුවකට වෙනත් රටකට යන්නේ නම් රජය විසින් ඇමරිකානු ඩොලර් 40ක් දිනකට යැපුම් දීමනාව වශයෙන් ගෙවීම රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බව වාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    පුවත්පතක පළ වූ පුවතක් සම්බන්ධව අවධානය යොමුකරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව, 2018.07.24 දින ඉන්දියාවේ MS Rights Ltd ආයතනයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මැදිරි 160 ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතියක් සඳහා ප්‍රසම්පාදනය කර තිබෙන අතර 2019.09.07 දින මේ වෙනුවෙන් ගිවිසුමකට එළැඹ තිබේ. මුළු ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.635 ක් වේ.

    මෙම දුම්රිය මැදිරි සියල්ල සඳහා මුළු වටිනාකමින් 95% ක් ගෙවා අවසන් අතර ඇමරිකන් ඩොලර් මිලියන 4.131 ක මුදලක් තවදුරටත් ගෙවීමට තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
    එකී ගිවිසුමට අනුව කාර්යය මණ්ඩල නිළධාරීන් 45-65 දෙනකු සඳහා පුහුණු කිරීමේ හැකියාව තිබෙන අතර මේ වෙනුවෙන් ගුවන් ටිකට්පත්, අහාරපාන, නවාතැන් පහසුකම් ඇතුළු සියලු මුළු වියදම් MS Rights Ltd ආයතනය මඟින් දරනු ලබන අතර ශ්‍රී ලංකා රජය විසින් එක් නිලධාරියෙකුට දිනකට යැපුම් දීමනාවක් වශයෙන් ඩොලර් 40 ක මුදලක් ලබා දීමට ද කටයුතු කෙරේ.

    ඒ අනුව සම්පුර්ණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු වන්නේ ඇමරිකන් ඩොලර් 36,400 ක මුදලක් පමනක බවත්, මෙම යෝජනා ක්‍රමය යටතේ දුම්රිය මැදිරි සඳහා 2018 දී 45 දෙනකු පුහුණුව ලැබීමට එකඟ වී ඇති බවත් අමාතවරයා සඳහන් කළේය.

    කෙසේවුවද, තමන් ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් වැඩභාර ගන්නා අවස්ථාවේ දී මෙකී සියලු දුම්රිය මැදිරි සියල්ල කොළඹ වරායේ තිබුණු අතර ඒවායේ පවතින තාක්ෂණික දෝෂ සකසා අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට කටයුතු කළ බවත්, සිදුවන්නට ගිය ජාතික අපරාධයක් වලක්වූ බවත් මෙහි දී හෙතෙම සඳහන් කළේය.

    පුහුණුවට යවන නිළධාරීන් යැවීමට කටයුතු කිරීම 2018 දී එකඟ වූ ගිවිසුමේ කොන්දේසියකට අනුව සිදුවන්නක් බවත් හෙතෙම මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා රජයේ සේවකයෙකු යම්කිසි පුහුණුවකට වෙනත් රටකට යන්නේ නම් රජය විසින් ඇමරිකානු ඩොලර් 40ක් දිනකට යැපුම් දීමනාව වශයෙන් ගෙවීම රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

    එමනිසා නිළධාරීන් පුහුන්වට යැවීම සම්බන්ධව අයතා ගනුදෙනුවක් සිදුව නොමැති බවත් 2018 දී එකඟ වූ කොන්දේසි වලට යටත්ව, 2020 දී ලැබුණු භාණ්ඩ තොගයක් මෙන්ම වත්මන් රජය විසින් සිදු කර ඇත්තේ එම භාණ්ඩ ලබා ගැනීම පමණක් බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    මෙවන් ගැටළු සම්බන්ධව සෑම සතියකම සඳුදා උදෑසන සිට අමාත්‍යංශයේ සිදු කෙරන බවත්, ඕනෑම මාධ්‍ය ආයතනයකට යම් ගැටළුවක් ඇත්නම් තමන්ගේ ලේකම් වරයා හෝ මාධ්‍ය ලේකම් වරයා හෝ අමතා සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya