නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියට කිසිම ඉඩමක් විදේශිකයන්ට අලෙවි කරන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක

    නොවැම්බර් 07, 2023

    රජය ෂැංග්‍රිලා හෝටලය සෑදීමට ගාලුමුවදොර ඉඩම පුද්ගලිකව විකිණීමෙන් පසු කිසිම ඉඩමක් විදේශිකයන්ට අලෙවි නොකිරීමට ලංකා ආණ්ඩුව තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඒසේ වුවද ඕනෑම ඉඩමක් රජය ව්‍යාපෘති සඳහා බදු පදනමෙන් ලබාදෙන බව කියාසිටි අමාත්‍යවරයා තමා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ඕනෑම අවස්ථාවක පිටකොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බෙංතොට, හික්කඩුව, අනුරාධපුර ආදී ඕනෑම දුම්රිය නැවතුම්පොළක් ආශ්‍රිතව දුම්රිය නගරයක් (Station Plaza) සෑදීමට ආයෝජකයින් යෝජනාවක් රැගෙන ආවොත් ඒම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන කමිටුවක් පත්කර වඩා විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරන බවද පැවසුවේය.

    ආයෝජන ලබාගැනීම ඉතා වැදගත්බව පෙන්වාදුන් අමාත්‍යවරයා මහපොළොව තියාගෙන ඉඳලා එම මහ පොළොවෙන් ආදායම් උපදවන්නේ නැතිනම් අපි රටේ ආර්ථික යාන්ත්‍රණය පනගන්වන්නේ කෙලෙසද යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya