වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
ධීවරයින් සඳහා භූමිතෙල් ඇතුළු නොයෙක් සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. අපේ මුහුදු තීරයට කුමන හෝ රටක් ඇවිත් ආක්‍රමණය කරනවා නම් අපි එය නොසළකා ඉන් නැහැ. අපි සොයා බලපු විදියට ධීවර යාත්‍රා 800ක් 1000ක් විතර එකවර මෙරට මුහුදු තීරයට ඇතුල් වෙනවා.
අපේ තිබෙන ආරක්ෂක අංශ වලට මෙම ධීවර යාත්‍රි 800ටම එකවර නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මෙය තේරුම් ගත යුතුයි. මේ සඳහා ක්‍රමවේදයක් ඇති කර ගන්න ඕන. ඇයි අපට මේ නීති ආරක්ෂා කර ගන්න බැරි කියලා. මුහුදු තීරය ආරක්ෂා කිරීමෙ විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරමින් සිටිනවා. නීති හදන්නේ තවත් අයව ආරක්ෂා කරන්න නම් අපි ඊට විරුද්ධයි