ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ,අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ආයෝජන හා අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට ජනවාරි 16 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.
එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාවය සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව අපනයන හා ආයෝජන පිලිබඳ අධීක්ෂණ කමිටුවක් ජනපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇත.
ඉතිහාසය පුරාවට මෙරටට වර්ෂයකට ඍජු විදේශ ආයෝජන ලබාගත හැකිව ඇත්තේ ඉතාමත්අඩු ප්‍රමාණයක් බවත්, එහෙත් අසල්වාසී රටවල් සියල්ල වසරකට ඍජු විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට ඇමරිකානු ඩොලර් බිලියන 200 දක්වා ලබාගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන මෙරට පවතින තත්ත්වයේ අයතනිකමය වශයෙන් වෙනස්කම් ඇතිකිරීම උදෙසා නව ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආයතනික සැළැස්මක් හඳුන්වාදීමටත්, ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමත් අදාළ පියවර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.