නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික චිත්‍රපට කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 07, 2023

    ජාතික චිත්‍රපට කොමිෂන් සභා පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    සිනමා කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    ජාතික චිත්‍රපට කොමිෂන් සභා පනතක් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය විසින් සිනමාව පමණක් නොව රූපවාහිනිය සහ අනෙක්තු මාධ්‍ය ද ඊට ඇතුළත් කර එම සැලැස්ම නැවත අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කළා. නමුත් රූපවාහිනිය සහ අනෙකුත් මාධ්‍ය සිනමා පනතට ඇතුල් කරනවාට ඇතැම් පාර්ශව විරුද්ධ වී තිබෙනවා. ඒ පිළිබඳ කමිටු වාර්තාව ලැබුණු පසු ජාතික චිත්‍රපට කොමිෂන් සභා පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    චිත්‍රපට ශාලා නවීකරණය සම්බන්ධයෙන් සිනමාහල් හිමියන් සමග සාකච්ඡා කිරීම, ඒ සඳහා ආයෝජකයන් දිරිමත් කිරීම, ප්‍රෙක්ෂකයන් ආකාර්ෂණය කර ගත හැකි හරවත් චිත්‍රපට නිපදවීම සම්බන්ධයෙන් දිරිමත් කිරීම, විනිවිදභාවයෙන් යුතුව අදායම් බෙදීයන පරිදි ඊ ප්‍රවේශපත්‍ර හඳුන්වා දීම , සරසවි චිත්‍රාගාරය නවීකරණය කිරීම වැනි ක්‍රියාමාර්ගද ගෙන ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ඉදිරියේදී සිනමාව කර්මාන්ත අමාත්‍යංශය යටතට ගැනීමට හැකියාවක් තිබේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, සිනමාව කර්මාන්ත අමාත්‍යංශය යටතට ගැනීමට නොහැකි බව, ඒ සඳහා පත් කළ කමිටුව තීරණය කර ඇති බවයි.

    නමුත් කර්මාන්ත සඳහා ලබා දෙන විවිධ බදු සහණ සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයට ලබා දෙන ලෙසද ඉල්ලා ඇති බවයි. නමුත් එම සහණ ලබා දිය හැකි වන්නේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කළ පසුව බවද හෙතෙම පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya