මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට නව සංචාරක දුම්රියක් - යාල්නිලා ඔඩිසි අගොස්තු සිට ධාවනය කෙරේ

    ජූලි 27, 2023

    උතුර - දකුණ යා කරමින් උතුරේ සහෝදර දමිළ ජනතාවගේ උතුම් මංගල්‍යයක් වන නල්ලූර් මහංග්‍යල්‍ය අරඹන නව සංචාරක දුම්රියක් ලෙස යාල්නිලා ඔඩිසි දුම්රිය අගෝස්තු 04 දා සිට ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (25) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

    සති අන්ත විශේෂ දුම්රියක් ලෙස යාල්නිලා ඔඩිසි දුම්රිය ක්‍රියාත්මක වන අතර නල්ලූර් පූජාව ප්‍රධාන කොට ගෙන ක්‍රියාත්මක වේ.

    එමෙන්ම අධි සුඛෝපභොගී වායුසමීකරණ සහිති පිරිසිදු ආපනශාලා පහසුකම් සහති විශේෂ සීඝ්‍රගාමී සංචාරක දුම්රියක් ලෙස මෙම දුම්රිය අගෝස්තු 04 දා සිට ක්‍රියාත්මක වේ.
    මෙම නව සංචාරක දුම්රිය සඳහා එක් දිශාවකට එක් පුද්ගලයෙකු සඳහා පළමු පන්තියේ ආසනයක් සඳහා රු 4000ක්ද, දෙවන පන්තියේ ආසනයක් සඳහා රු 3000ක් මෙන්ම තුන්වන පන්තියේ ආසනයක් සඳහා රු 2000ක් බැගින් මගීන්ට සහනදායී ගාස්තුවක් අය කෙරෙන අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන කලින් වෙන්කර ගත හැකියි.

    ඒ අනුව, අගෝස්තු 04 දා රාත්‍රී 10.30ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන මෙම නව දුම්රිය පසුදින,එනම් සෙනසුරාදා (05) දින පෙරවරු 6.00ට කන්කසන්තුරේට ළගා වීමට නියමිතයි.

    නැවත මෙම දුම්රිය ගමන් ආරම්භ කරන්නේ ඉරිදා (06) දා රාක්‍රී 10.00ට යව අතර එය පෙ.ව. 8.00ට ගල්කිස්සට ළගාවීමට නියමිතව තිබේ. කෙසේ නමුත් මෙම දුම්රිය මෙම වසරේ දොසැම්බර් දක්වා ක්‍රියාත්මක වන අතර එයට හේතු වශයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ,2024 ජනවාරි මස දී අනුරාධපුර සිටි මහව දක්වා වන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙන බවයි.

    ආසන 570කින් සමන්විත යාල්නිලා ඔඩිසිය උතරු - දකුණ යා කරන ජාතික ව්‍යාපෘතියක් වන අතර එහි මුඛ්‍ය පරමාර්තය ඉටුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා දුම්රිය සාමාන්‍යධිකාරී ගාමිණී ගුණසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) පී.එල් පොල්වත්තගේ,නියෝජ්‍ය සාමාන්‍යධිකාරී විපුලගේ නීයෝජ්‍ය සාමාන්‍යධීකාරී චන්ද්‍රසේන යන මහත්වරු සහභාගී වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya