මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා කල්කටාවේ ජාතික හෝමියෝපති ආයතනයේ සංචාරයක

    ජූලි 27, 2023

    ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ (National Institute of Homeopathy) සංචාරයක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පසුගියදා නිරත විය.

    දිනකට රෝගීන් 3000ක් පමණ හෝමියෝපති ප්‍රතිකාර ලබා දෙනු ලබන එම රෝහල තුළින් පිළිකා, වකුගඩු රෝගීන් ඇතුළු රෝග රැසකට සාර්ථක ප්‍රතිකාර ලබාදීම සිදුකරනු ලබන අතර ඒ සඳහා ජනතාවද දැඩි උනන්දුවක් දක්වයි.

    එම ජාතික හෝමියෝපති ආයතනයේ මෙරට දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු නිරීක්ෂණය කට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සුභාෂ් සිං මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ඉන්දියානු රජය මගින් මෙරට සිසුන්ට නොමිලේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද, එය වරින්වර අකර්මණ්‍ය විය. දැනට වසර 03 ක පමණ සිට අඛණ්ඩව මෙම ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර, මෙවරද මෙම සංචාරයේදී ඉන්දියානු රජයෙන් ශ්‍රී ලාංකික සිසුන් 10 දෙනෙකු සඳහා නොමිලේ ශිෂ්‍යත්ව ලබා ගැනීමට හැකියාව උදාවිය.

    මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 40 දෙනෙකු පමණ මෙහි වෛද්‍ය උපාධිය හදාරන අතර, මෙම සංචාරයේදී හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙරට තුළ තව තවත් ප්‍රවර්ධනය කිරීම මෙන්ම හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයින්ට පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබදවද දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර හොමියෝපති ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම පිලිබදව ද සාකච්ඡා කෙරිණ.

    මෙම සංචාරය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අශාන් දුණුකාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya