මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම කාර්මික අංශ මගින් පුනරුත්තාපනය කෙරුණු නව බස් රථ 175 ක් යළි ධාවනයට

    ජූලි 26, 2023

    ලංගම කාර්මික අංශ මගින් පුනරුත්තාපනය කෙරුණු නව බස් රථ 175 ක් යළි ධාවනයට එක් කෙරේ.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල, විවිධ දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 400ක්‌ පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරුණු බස්රථ 175 ක්‌ ධාවනයට එක් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ දිවයින පුරා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 107ක කාර්මික අංශවල කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් මෙම බස් රථ යළි ධාවනයට එක් කිරීමට හැකිවන පරිදි නවීකරණ කටයුතු සිදුකර තිබේ.

    ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන්, කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya