මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙයි - කැබිනට් ප්‍රකාශක

    ජූලි 25, 2023

    දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙතැයි තමා සිතන අතරම එය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම මත බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බවකියා සිටියේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    රාජ්‍ය ආයතන තුළ පිළිකාවක් ලෙස වංචාය, දූෂණය, අක්‍රමිකතාවය උඩුදුවා ඇතැයිද මේ හේතුවෙන් තමා යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේද ඇතිවී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයිද පැවසුවේය.

    මින් පෙර කිසිදාක නොවූ විරූ ලෙස දැඩි කොන්දේසි සහ වගන්ති ඇතුලත් දූෂණ විරෝධී පනතක් නොබෝදා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමටද සිදුවූ බව සිහිපත් කළේය.

    දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වන විට බොහෝ දේ ක්‍රියාත්මක කිරීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි වන බවද, ඒ අනූව අල්ලසක් ලබාගත්තද අල්ලසින් කිසිවක් සිදුකළ නොහැකි යැයිද එනම් බැංකුවක එය තැන්පත් කළහොත් තැන්පත් කළ සහ ඉපැයූ ආකාරය පෙන්විය යුතු යැයිද අවධාරණය කළේය.

    මෝටර් වාහනයක්, ගෙයක් දොරක් මිලදී ගැනීම, විදේශ සංචාර වල නියැළීම, උත්සව සහ වියදම් දරන දෑ සිදුකළහොත් මේ සෑම එකකම ඉපැයූ ආකාරය එළිදරවු කළ හැකිනම් ඕනෑම කෙනෙකුට ඕනෑම වියදමක් දැරිය හැකි යැයිද එනම් දූෂණ විරෝධී පනත යටතේ යම් මුදලක් ඉපැයූ ආකාරය හෙළිදරවු කළ නොහැකි නම් අල්ලස් සහ දූෂණ යටතේ විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවද සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya