මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා සෞඛ්‍ය ඇමති හමුවෙයි

    ජූලි 17, 2023

    සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා Sarah Lou Ysmael Arriola (සාරි ලා අරියොලා) මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සුහද හමුවක් (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    IOM සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා හා සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් ගොඩ නගා ගැනීම මෙහි අරමුණ විය.

    1951 දී මෙරට ආරම්භ කළ මෙම සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල කොටස් කාරීත්වයෙන් සැදුම් ලද්දකි.2013 වසරේ මෙරට සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළි දැක්වීමේ පටන් සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දක්වා ඇත.

    covid වසංගත සමයේ සංක්‍රමණිකයින් සඳහා වන ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සැකසීමේ පටන් කොවිඩ් මර්දන කටයුතු සඳහාද මෙම සංවිධානය දායකත්වය ලබා දුනි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ,,,,,,,,

    "කලාපීය රටවල විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දියුණු සෞඛ්‍ය පද්ධතියක් පවතින බවත්, කලාපීය රටවල් අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා මෙවැනි සංවිධාන ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්ය. ශ්‍රී ලංකා රජය මේ වන විට විශාල වැය බරක් දරන්නේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ය. එබැවින් ජනතා මුදලින් එම ජනතාවට උපරිම සහනයක් සැලැසීම තම රජයේ ප්‍රතිපත්තිය බව ඒ මහතා පැවසීය.

    පිලිපීනය වැනි දියුණු සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවල් සමඟ සෞඛ්‍ය, අධ්‍යාපනය හුවමාරු කර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරන අතර යුරෝපානු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා ආසියානු රටවල සෞඛ්‍ය සේවකයින් සඳහා වන ඉල්ලුමද සැලැකිය යුතු තත්ත්වයකින් පවතින බවද පැවසීය. විදේශ ගත වීමකදී යමෙකුගේ සෞඛ්‍යය ගැන වගකීමක් ඔවුන්ගේ මව් රටට මෙන්ම ජීවත් වන රටටත් තිබෙන බවත් ඒවායේ නීති රාමු නවීකරණය විය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂිකා සාරා ලූ අරියොලා මහත්මිය පවසා සිටියේ,,,,,,,

    පිලිපීනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළද බොහෝ විදෙස් සේවකයින් නියුක්තව සිටින බවත්, යුරෝපානු රටවලද ශ්‍රී ලංකා හා පිලිපීන සෞඛ්‍ය සේවකයින් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත්ය.

    මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya