මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට ''ප්‍රධාන සැලසුමක්''

    ජූලි 11, 2023

    හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ''ප්‍රධාන සැලසුමක් '' (Master Plan ) සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා 'විසල් හම්බන්තොට' ප්‍රාදේශීය ආකෘති සැලැසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීමේ කාර්ය සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙත පැවරීමට 2018.06.26 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

    හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට රජය මේ වනවිට තීරණය කර තිබේ.

    ඒ අනුව කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපායමාර්ගික සංචාරක කලාපීය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම ද දරනු ලබන සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමට ඉඩදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

    ඒ අනුව සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම මෙම කටයුත්ත පවරාදීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya