මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07වන කණ්ඩායම බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

    ජූලි 11, 2023
    පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07වන කණ්ඩායම බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව  කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
     අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය 
     
    රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07 වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා 2023.04.24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
     
    ලංකා බැංකුව, මහජන බැංකු විසින් සම්පූඍ්ණ ණය කාලසීමාව සඳහා 13%ක අවම පොලී අනුපාතිකයක් පවත්වාගෙන යමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස එකඝතාව පළ කර ඇත. ඒ අනුව, 2019,2020 සහ 2021 වර්ෂයන්හි උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා හැදෑරීම පිණිස තෝරාගනු ලැබ ඇති සිසුන් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා 07 වන කණ්ඩායම යටතේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමපිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
     
     මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ 13%ක අවම පෙලී අනුපාතිකයක් පවත්වාගෙන යමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බවයි.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya