ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත.
මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති H.E. Levan Dzhagarayan මහතා හාකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවට සහභාගි විය. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීන් මෙන්ම පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන්ද මෙම අවස්ථාවටසහභාගි වී තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීම සඳහා දෙරට අතර කටයුතුකඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේවැඩපිළිවෙල සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දීඇත.