නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යවසායකයින් ජාත්‍යන්තරයට ගෙනයාමට සැලසුම්

    මැයි 04, 2023

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළ කරා යෑම සඳහා ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය එක්ව විශේෂ වැඩසටහනක් දියත් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    පළාත් සැලසුම් දෙපාර්තමේන්තුව සහ කළමණාකරණ සංවර්ධන පුහුණු ආයතනය එක්ව ඔවුන් එම ඉලක්ක වලට ලඟා කරවීම සඳහා විශේෂ කමිටුවක් සැකසීමට පියවර ගන්නා බවද ඇය කියා සිටියාය. ඒ අනුව අදාල ව්‍යවසායකයන් සඳහා මනා පුහුණුවක් ලබාදී ඔවුන්ගේ නිමවුම් භාණ්ඩ සඳහා වන ප්‍රමිතිය,ගුණාත්මකභාවය සහ තත්ව පාලනය සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය මේ හරහා ලැබෙනු ඇති.

    ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ සංගමය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපලට නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා සංවිධානය කල වැඩමුළුවකට අඟහරුවාදා (2) පස්වරුවේ එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

    දැනට හඳුනාගෙන ඇති ව්‍යවසායකයන් සඳහා අපනයන නිෂ්පාදන පිලිබඳ විශේෂ පුහුණුවක් ලබා දී මාස 03ක් ඇතුලත ඔවුන්ගේ භාණ්ඩ ඇතුලත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

    එම ප්‍රදර්ශනයේදී තෝරාගන්නා හොඳම ව්‍යවසායකයන් තිදෙනෙකු ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ සංගමය මඟින් විදෙස් රටක පැවැත්වෙන ප්‍රදර්ශනයකට යැවීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

    මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී මදනායක, ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී ෂියාම් මරික්කාර්, එම ආයතනයේ ජෞෂ්ඨ කළමණාකාර දිලිණි ගම්ලත්ගේ, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සාලුක දිනේන්ද්‍ර, මාධ්‍ය ලේකම් රුචිර දිලාන් මධුසංඛ, ආණ්ඩුකාර සහකාර ලේකම් ඒ.ජී.දේවේන්ද්‍රන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya