උන්වහන්සේ එලෙස අදහස් පලකළේ, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ 50 වෙනි සංවත්සරයට සමගාමීව ගරුතර මහා සංඝරත්නය විෂයෙහි ( මැයි 2 ) දහවල් රාජගිරිය කජු සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවති සාංඝික දානමය පින්කමට වැඩවමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකල උන්වහන්සේ මෙරට කජු නිෂ්පාදනයන් ප්‍රචාරන ක්‍රමවේදයන් හරහා තවදුරටත් ලෝකයට ගෙනයමින් කජු ආශ්‍රිත අපනයන ආදායම වැඩිකරගත යුතු බවත් එය මෙරට විදේශ විනිමය ආදායම් වැඩිකරගැනීමට හොද අවස්ථාවක් බවත් පැවසූහ.
ශ්‍රී ලංකා කජු සංස්ථාව රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ විධිවිධාන යටතේ 1973 මැයි 25 වන දින අංක 60/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පිහිටුවා තිබෙයි. ඉතාමත් උසස් තත්වයේ කජු නිෂ්පාදනය කිරීම තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ කජු අපනයනය කරන ප්‍රමුඛතම රටක් බවට පත්කිරීමේ දැක්මෙන් යුතුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කජු සංස්ථාව සිය 50 වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති අතර එහි ආරම්භය ලෙසින් මෙලෙස දහවල් දානමය පින්කම ඉෂ්ඨ සිද්ධ කෙරිණි.
මෙම අවස්ථාවට ඇතුල්කෝට්ටේ සුනේත්‍රාරාම විහාරාධිපති ශාෂ්ත්‍රපති පූජ්‍යපාද ඇලිකේවල සීලානන්ද නාහිමි, කෝට්ටේ ශ්‍රී නාග විහාරය හා රාජගිරිය සුධර්මාරාමය යන උභය විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත නාහිමි , අනුරාධපුර දහම්සෙවන ආරණ්‍යවාසි ආචාර්ය පූජ්‍යපාද ගොතටුවේ ඉන්දකිත්ති නාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය වැඩමවා වදාළහ.
එමෙන්ම මෙම දානමය පින්කම් අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති නීතිඥ උදාර විජේසිංහ , නියෝජ්‍ය සභාපතිනී අශෝකා ලංකාතිලක , සාමාන්‍යාධිකාරී කේ.එස්.විජයකීර්ති , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වයි.ටී. තුෂංගා ඇතුළු කාර්ය මණ්ඩලය එක්වූහ.