ඒ මහතා ජාතික ආර්ථීක ක්‍රම සම්පාදන ක්‍රියාවලිය පිළිබද රුසියාවේ පැට්රික් ලුලුම්බා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපධිධාරියෙකු මෙන්ම ඒ සම්බන්ධ පශ්චාත් උපාධිධාරියෙකු ද වනු ලබයි. කොළඔ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන ඒ මහතා රුසියාව තුළ ශ්‍රී ලාංකීය තේ නාමය ප්‍රවර්ධනය වෙනුවෙන් කැප වී දේශීය ආර්ථිකය නගා සිටුවීමට දායක වූ අයෙක් වන අතර අපනයන සමාගම් රැසක උපදේශකයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇති ආයතන පරිපාලනය පිළිබදව අත්දැකීම් බහුල නිලධාරියෙකු වනු ලබයි. එමෙන්ම ඒ මහතා කොළඔ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උප සභාපති ලෙස ද 2015 වර්ෂයේ සිට අඛණ්ඩව කටයුතු කරනු ලබයි.