මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වු පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන්

    අප්‍රේල් 30, 2023

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්‍රේල් මස 27 වන දින සාර්ථකව නිමාවට පත් විය.

    ඒ අනුව, නාවික හමුදාව තුල මානව සම්පත් කළමණාකරණය ඉහළ නැංවීම, සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සමුද්‍රීය ආවේක්ෂණ හැකියාවන් වර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍රයන් පිළිබඳව, ඒ සම්බන්ධ මෙහෙයුම් කටයුතු සහ රාජකාරීන් සිදුකරනු ලබන නිලධාරීන්ගේ ශක්‍යතාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම මෙම වැඩමුළුව මඟින් සිදු කෙරුණි. මෙම පුහුණු වැඩමුළුව සඳහා නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    තවද, පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන්වීමෙන් අනතුරුව, ඇ‍මෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියෝජිත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එහිදී නාවික හමුදාධිපති විසින් එම නියෝජිත පිරිස වෙත සමරු තිළිණ ලබාදීමද සිදුකෙරිණි

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya