මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සහ දකුණේ ස්ථාන දෙකක බර යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම්

    අප්‍රේල් 30, 2023

    ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවත්, විදේශ රැකියා හා කම්කරු අමාත්‍යංශයත්, ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයත් සමඟ බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලා ආරම්භ කිරීම මෙරට පුහුණු ශ්‍රමය නිර්මාණය කර ජාත්‍යන්තර වෙළදපොල තුළ රැකියා අවස්ථා ලබා දීම සඳහා ජාතික වැදගත් කමකින් යුතු වැඩසටහනක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    රට වැටී ඇති අවස්ථාවේ දී ගොඩ නැඟීම සඳහාත්, රටට අනාගතයක් ඇති කර ගැනීම සඳහාත් රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබෙන විකල්ප ක්‍රියාමාර්ග වන ආණ්ඩු කවුරුන් කළ ද රට ඉදිරියට ගෙනගොස් සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා මෙරට රාජ්‍ය අයවැය පරතරය දැරිය හැකි මට්ටමකට පවත්වාගෙන යාමට සහ මෙරටට ගලා එන විදේශ විනිමය වැඩි කරගැනීම මෙන්ම රටින් පිටවන විදේශ විනිමය අවම කර ගැනීමට සහ විදේශ සම්පත් වැඩිකර ගැනීමට කටයුතු කිරීම කළ යුතු බව හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    ඒ අනුව දැනුම ප්‍රාග්ධනය බවට පත්වන ලෝකයේ මෙරට මානව සම්පත ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන පුහුණු ශ්‍රමය සහිත ශ්‍රමිකයින් ලෙස පුහුණු කරවීම බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. මෙය ජාතික වගකීමක් වනබවැහැ හෙතෙම සඳහන් කළ අතර ඒ අනුව ඉදිරියේ දී මහනුවර සහ දකුණේ ස්ථාන දෙකකත් බර යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya